Featured News

Video Gossip

Advertisement

ප්‍රබල මන්ත්‍රිවරයකුගේ රැකවරණය මත බාල ඖෂධ රජයේ රෝහල්වෙත - 
නිෂ්පාදනය කිරීමට නාකොටික් අමුද්‍රව්‍ය 

දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නියමිත ක්‍රියාපටිපාටියට පටහැනිව තම කර්මාන්තශාලා තුළ ඖෂධ නිෂ්පාදනය කර ප්‍රමිතියකින් තොර ඖෂධ රජයේ රෝහල් වෙත නිකුත් කිරීමට සූදානම් වන බව ‘අර්බන් සිටිසන්’ සංවිධානය පවසයි.

අදාළ පෞද්ගලික සමාගම වෙත විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරයකුගේ රැකවරණය ලැබෙන බවත් එම දේශපාලන සහාය මත ඖෂධ නිෂ්පාදනය සඳහා රජයේ අනුමැතිය ලබාගෙන ගෙන ඇති බවත් එම සංවිධානයේ සභාපති ශර්මිලා ගෝනවල චෝදනා කළාය.

ඇය මේ බව පැවසූයේ ඊයේ (21 වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.යම් සමාගමකට ඖෂධ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් ඇති අතර සමාගම ලියාපදිංචි කළ පසු තම නිෂ්පාදන වෙළෙඳපළට නිකුත් කිරීමට පෙර මාස හයක තත්ත්ව පරීක්ෂාවක් ද සිදුකළ යුතුය. එසේ වුවත් මෙම සාමගමට අනුමැතිය හිමිව ඇත්තේ පසුගිය සැත්තැම්බර් මාසයේදී වන අතර, නියමිත කාලසීමාවට පෙර ඖෂධ නිකුත් කිරීමට සූදානම් වන බව සභාපතිනිය පැවසුවාය.

ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේදී රජයේ රෝහල් වෙත ඖෂධ අටක් නිකුත් කිරීමට එම සමාගම සූදානම් බවද හෘද ස්පන්දන අක්‍රමිකතා සහ මානසික රෝග සඳහා ලබා දෙන ඖෂධ ඊට ඇතුළත් වන අතර ඉන් කිහිපයක් නිෂ්පාදනය කිරීමට නාකොටික් අමුද්‍රව්‍ය භාවිත කරන බවද ඇය අනාවරණය කළාය.

එම ඖෂධ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අනුමැතියකින් තොරව මෙරටට ගෙන්වා ඇති බැවින් අදාළ බලධාරීන් මේ පිළිබඳ කඩිනමින් විමර්ශනයක් සිදුකළ යුතු බවත් ජනාධිපතිවරයා වහා ඊට මැදිහත්විය විය යුතු බවත් සභාපතිනිය සඳහන් කළාය.

– Aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements