Featured News

Video Gossip

Advertisement

නැවතත් කොවිඩ් රැල්ලක් - මාස්ක් දාන්න යැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කියයි

නව Omicron උප ප්‍රභේද XBB, BQ1.1 සහ B2 උප පෙළපත් වල ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබිඹු කරමින් ‌ලොව මේව වන විට දැඩි ලෙස ව්‍යප්ත වෙමින් පවතියි.

කොවිඩ් නව රැල්ලෙන් බේරීම සඳහා නැවතත් සියලුදෙනා මුව ආවරණ පැළඳීම ඇතුලු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.මේ වනවිට චීනය ඇතුළු රටවල් කීපයකම කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවද ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මෙසේද කියා සිටියේය.

මේ ලංකවේ ජනතාව කොවිඩ් නිසා අවුරුදු 2 ක් බැටකෑවා කියන එක අමතක වෙලා.

බොහෝ අය මහමඟ බස්වල මාස්ක් පළඳින්නේ නැහැ. සැනිටයිසර් භාවිතා කිරීම, අත්සෝදන එක, මීටරයක පරතරය තබාගෙන කටයුතු කරන එක බොහෝ දෙනෙකුට අමතක වෙලා. මේ තත්ත්වය තුළ යළි කොවිඩ් පැතිරීමේ අවදානමක් තියෙනවා.

ඒ නිසා හැමදෙනාම ආයෙමත් මේ රෝගය රට තුළ පැතිරෙන්නෙ නැතිවෙන්න සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා ඉල්ලා සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements