Featured News

Video Gossip

Advertisement

මෛත‍්‍රීට ගෙවල් හයක් කියනවා - පාස්කු වන්දිය ‌ගෙවන ඒක සුලු දෙයක් 
පේෂල ජයරත්න

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයෙන් ගොනු කරන ලද මානව හිමිකම් නඩුව නඩුවේ තීන්දුව පරිදි හිටපු ජනාධිපති විසින් කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට අධිකරණය පසුගියදා නියෝග කරන ලදී.

නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එතරම් වන්දියක් ගෙවීමට තමන් සතුව වත්කමක් නොමැති බවයි‍.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය විසින් නියම කරන ලද රුපියල් කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක් බව උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා සඳහන් කරයි.මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලොන්නරුවේ පමණක් නිවාස තුනක් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඊට අමතරව කොළඹ ගෙවල් දෙකක් ගම්පහ නිවසක් ඇති බවත් හෙතෙම පැවසීය.

මේ නිවාස ඔහුගේම නමට නැති වුවද ඔහුගේ හිතවතුන් ඥාතීන් නමින් ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේ ය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයෙන් ගොනු කරන ලද මානව හිමිකම් නඩුව නඩුවේ තීන්දුව පරිදි හිටපු ජනාධිපති විසින් කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කිරීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements