Featured News

Video Gossip

Advertisement

පුංචි ඡන්දයට නාම යෝජනා කැදවීමත් සමග කොමිසම ඇතුලේ ගැටුමක්
උඩත් ‌හෙල්ලෙයි


පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ ගැසෙට්ටුව නිකුත් කළද මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර බෙදීමක් ඇතිව තිබෙන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණය පැවැත්විය යුතු බවට කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව දැනගන්නට තිබේ.මැතිවරණ කොමිසම තුළ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පැවැතීම තුළ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ නිරික්ෂණ සංවිධානවල අදහසවේ. මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12 ට වැඩි මුදලක් අවශ්‍ය වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බව බහුතරයකගේ අදහස වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රාජකාරි වෙනුවෙන් පැමිණෙන රජයේ සේවක ගෙවීම් මෙන්ම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සහ අහාර වෙනුවෙන් ගෙවීම් මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලද හොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බවය. එම නිසා මෙම ගැටළු ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට මුදල් ලැබෙන බවට සහතිකයක් නොගෙන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස මැතිවරණ කොමිසමේ බහුතර සමාජිකයන්ගේ ඉල්ලීම වී තිබේ.

එහෙත් සභාපති හා ඔහු සමඟ සිටින සුළුතර කණ්ඩායම මැතිවරණය පවත්වද්දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ඇතැයි යන අන්ධ විශ්වාසයෙන් සිටින බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

නාමයෝජනා කැදවීමේ ගැසට් නිවේදනය ඊයේ (03) පළ කරන බවට මුලින් ප්‍රචාරය වූ අතර දැන් එය අද (04) නිකුත් කරනු ලැබීය . නාම යෝජනා කැදවීමේ ගැසට් නිවදෙනය පළ කලත් පවතින අභ්‍යන්තර බෙදීම හේතු කොට ගෙන මැතිවරණ රාජකාරීන් හි ගැටළු මතු වනු ඇතැයි මැතිවරණ කාර්යාල නිලධාරීන්ගේ අදහසවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements