Advertisement

මත්පැන් මිල වැඩි කල දුකට සහ පෙම්වතිය තරහවූ දුකට කෑගල්ලේ මිතුරෝ දෙදනෙක් එළිවෙනතුරු බීලා - පෙම්වතියගේ ‌‌ගෙදරට පනින්න හදලා වෙච්ච වැඩේ 

සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දමා ඇත.

ඒ සමගම සාමාන්‍ය දුම්වැටි බද්ධ ද 20%කින් ඉහළ දමා ඇති අතර විශේෂ වර්ගයේ දුම්වැටියක නිෂ්පාදන බද්ධ 98%කින් ඉහළ දමා තිබේ.

මේවන විට මිලිලීටර 750 ක දේශීය අරක්කු බෝතලයක මිල රුපියල් 206කින් ඉහල යන අතර විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 266කින් ඉහල ගොස් ඇත.4.8%ක බියර් මිලිලීටර 625 කෑන් එකක් රුපියල් 21කින්, 8.8% ක බියර් කෑන් 1ක රුපියල් 39කින්ද ඉහල ගොස් ඇත.

නමුත්  අරක්කු මිල ඉහළ දැමීමට ඊයේ දිනයේදී රජය තීරණය කළත් මේ සමඟම සිදුවූ අපූරු පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙනවා.

එක් කාර්‍යාලයක සේවය කරන මිතුරන් දෙදනෙකු එදින මධුවිතෙන් සප්පායම් වී ඇති අතර මිල ඉහළ දැමීම නිසාවෙන් පසුදා සිට තමන් මත්පැන් පානයෙන් වැළකිය යුතු බවට ඔවුන් තීරණයකට පැමිණ තිබෙනවා.

එහෙත් එදින මැදියම් රැය වන තුරුම ඔවුන් මෙලෙස බීමත්ව සිට ඇති අතර එක් අයෙකුගේ පෙම්වතිය දින කිහිපයක් තිස්සේ ඔහු හා අමනාප වී සිටින බැවින් ඔහු තරමක් කණස්සල්ලෙන් පසුව සිට ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව අනෙක් මිතුරා යෝජනා කොට ඇත්තේ ඇගෙන් සමාව ගන්නා ලෙසටයි.එහෙත් ඔහුගේ දුරකථන ඇමතුම් සඳහා ඇය ප්‍රතිචාර දක්වා නොමැති බැවින් ඔවුන් දෙදෙනා තීරණය කොට ඇත්තේ ඇයව හමුවීමට යාමටයි.

ඔවුන් දෙදෙනා ඇගේ නිවසේ ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ දරා ඇති අතර එම කලබලය ඇසුනු නිවෙස් හිමියන් එළියට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් පෙම්වතියද පැමිණ ඔවුන් දෙදෙනාව පිටත් කොට යවා සිද්ධිය සමථයකට පත් කල බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements