Featured News

Video Gossip

Advertisement

බෞද්ධාලෝක මාවතේ ගසක අත්බෝම්බයක් එල්ලූ පුද්ගලයා ගැන තොරතුරු එළියට 
අත්තඩංගුවට ගත් පුද්ගලයා ‌මෙන්න

මොරොන්තුඩුවේ සිට රැගෙන ආ ජීව අත්බෝම්බයක් පොලිතින් බෑගයක දමා බම්බලපිටිය, බෞද්ධාලෝක මාවතේ මාර්ග අංක 154 බස් නැවතුමක් අසල ගසක එල්ලූ බව කියන පවිත්‍රතා සේවකයෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.

බෑගයක දැමූ බෝම්බයක් ගසක එල්ලා ඇති බවට සැකකාර පවිත්‍රතා සේවකයා පොලිසිය වෙත තොරතුරු ලබා දීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලින් පසු එම ක්‍රියාව ඔහු විසින් ම සිදු කරන ලද බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසීය.මොරන්තුඩුව, මහා ගෝනදූව ප්‍රදේශයේ සිට රැකියාව සඳහා පැමිණෙන අවස්ථාවේදී මාර්ගය අසල තිබී යකඩ බෝලයක් වැනි දෙයක් දුටු බව ත් එය යකඩවලට විකිණීම සඳහා ගෙන ඒමෙන් අනතුරුව එය දුටු තවත් පවිත්‍රතා සේවකයෙකු එය බෝම්බයක් බව තමන්ට පැවසීමෙන් අනතුරුව ගසෙහි එල්ලූ බව ත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

හැටපස් හැවිරිදි සැකකරුගෙන් තව දුරටත් දීර්ඝ ප්‍රශ්න කරන බව ත් ඔහුගෙන් සෑහීමකට පත්විය පත්විය හැකි ආකාරයේ ප්‍රකාශයක් අනාවරණය නොවුණොත් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාර දීමට කටයුතු කරන බව ත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසී ය.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල්ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements