Advertisement

ප්‍රබල ඇමතිගේ පුතාට සිංදුවක් කීමට අවස්ථාව නොදුන් නිසා

රූපවාහිනී සභාපතිට ඉල්ලා අස්වෙන්න කියලා!

පහුගිය දෙසැම්බර් 31 සංචාරක අමාත්‍යංශය විසින් ගාළුමුවදොර සංවිධානය කල සංගීත ප්‍රසංගය විකාශනය කිරීම සිදුකරන ලද්දේ ජාතික රූපවාහිනිය විසිනි.

අතිවිශාල ජන සහභාගීත්වයකින් පැවතුන මෙම ප්‍රසංගය සාර්ථක ලෙස නිම කිරීමට සංවිධායකයන්ට හැකියාව ලැබුනි.

නමුත් මෙම ප්‍රසංගයෙන් පසුව   2500න් පවුලකට ජීවත් විය හැකියයි පසුගිය කාලයේ පැවසූ කැබිනට්  අමාත්‍යවරයා සහ රූපවාහිනී සභාපති අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එයට හේතු වී ඇත්තේ එම අමාත්‍යවරයාගේ  පුතා හට සිංදුවක් කීමට අවස්තාව ලබා නොදීම නිසා බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

මෙහිදී අමාත්‍යවරයා විසින් රූපවාහිනී සභාපති හට 'කරන්න බැරිනම් යනවකෝ ඕයි යන්න' යනුවෙන් බැන වැදී ඇති බව සිද්ධිය දුටු අය පවසා තිබේ..

මෙම අමාත්‍යවරයා මීට පෙරත් ප්‍රවාහන  අමාත්‍යංශයේ සභාපතිවරයා පලවා හැර තමාගේ හිතවතෙකු පත් කිරීමට පියවර ගත්තේය.

මේ වන විට මෙය වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලමය සමූහ වල හුවමාරුවෙම්න් ප්‍රස්ද්ධ රහසක් බවට පත්වී ඇත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements