Featured News

Video Gossip

Advertisement

ලොකු ‌‌ලොක්කන්‌ගේ  ආදායම් බදු රජයෙන්ම ගෙවන්න යයි

උපයන විට ගෙවීමේ බද්ද පුද්ගලයන් වෙනුවට ආයතන මට්ටමින් ගෙවන්නට ඇතැම් රාජ්‍ය ආයතන උත්සහ කරමින් සිටින බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ චෝදනා කරයි.

මෙමගින් සිදුවන්නේ සේවක වැටුපට හානියක් නොකොට රජයේ ආදායමෙන් ම නැවතත් උපයන විට බදු ගෙවීම යැයි ද එය තනිකර ම වංචාවක් යැයි ද ආචාර්ය දුනුසිංහ පැවසීය.ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කීපයක් මේ සඳහා කටයුතු කරමින් සිටින්නේ යැයි කී හෙතෙම ඊට ඉඩ ලැබුණහොත් එය බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පුරවැසියන් විෂයෙහි විශාල වශයෙන් කරන වෙනස්කමක් මෙන් ම විශාල බදු ආදායමක් අහිමි කිරීමක් බවට ද පත්වනු ඇතැයි පෙන්වා දුන්නේ ය.

එහිදී සිදුවන්නේ අදාළ රාජ්‍ය ආයතනය කෙලින් ම මහා භාණ්ඩාගාරයට යැවිය යුතු මුදල දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා නැවත මහා භාණ්ඩාගාරයට යැවීමක් යැයි ද එය සම කළ හැක්කේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීමකට යැයි ද ආචාර්යවරයා පැවසීය.

එක පිරිසකගෙන් පමණක් ‘ඍජුව ම’ ඔවුන්ගේ වැටුපෙන් උපයන විට බද්ද අය කර ගන්නා අතරේ තවත් පිරිසකගේ උපයන විට ගෙවීම් අදාළ ආයතන විසින් ගෙවනු ලබන්නේ නම් එය බදු අය කර ගැනීමේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවට ද පත්වනු ඇතැයි ආචාර්ය දුනුසිංහ කීය.

එනිසා මෙම තත්ත්වය වැළැක්වීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඍජුව ම මැදිහත් විය යුතු යැයි ද ඔහු පැවැසීය.

ලක්ෂයට වැඩි මාසික ආදායම් ලබන්නන් ආදායම් බදු දැලට හසු කර ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණයක් නැතැයි කී හෙතෙම එම නිසා අල්ලා ගැනීමට හැකි සුළු පිරිසක් උක්දඬු මෙන් මිරිකා උපයා ගැනීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට චෝදනා කළේ ය.

පරිගණකගත කළ නිවැරදි බදු යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතා පහසු කටයුත්තක් වුව ද මෙය නිවැරදිව කළහොත් දේශපාලකයන්ට සහචර ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන අනුග්‍රහය නැතිවන බැවින් එය නොකෙරෙන වෙදකමක් බවට පත්ව ඇතැයි ඔහු අවධාරණය කළේ ය.

මීට පෙර ද මෙසේ උපයන විට ගෙවීමේ බදු රාජ්‍ය ආයතන විසින් දරාගනු ලැබීම් “කෝප් කමිටුවේදී” හෙළිදරව් කෙරුණු අතර එමගින් රජයට අය විය යුතු විශාල බදු ආදායමක් අහිමි වී තිබිණි.

එම අයථා ක්‍රියාමාර්ග වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය උපදෙස් දී තිබියදීත් 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලි බල මණ්ඩලය සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8ක (PAYEE) බදු ගෙවා තිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදී ය.

එයින් සිදුව ඇත්තේ, පුද්ගල ආදායම් බදු රටේ මහජනතාවගේ මුදල්වලින් ගෙවීමක් යැයි කියමින් “කෝප් කමිටුව” ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන්ට දැඩි විවේචනයක් එහිදී එල්ල කළේ ය.

උපයන විට ගෙවීමේ බද්ද, වර්ෂයකට රුපියල් මිලියන 1.8ක් වන බදු සහන සීමාව ඉක්මවන, සියලු ම බදු ගෙවන්නන්ට මෙම වසරේ ජනවාරි 1 වන දා සිට අනිවාර්ය කෙරිණි.

– mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements