Featured News

Video Gossip

Advertisement

මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් රටට අවශ්‍ය නෑ - පුලස්ති

පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නෑ - පුලස්ති පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බව සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් (5) පුලස්ති වන්නිආරච්චි මහතා පැවසීය. පළාත් පාලන ආයතනය විසින් පහත ප්‍රධාන සේවාවන් පිලිබදව කරුණු දක්වමින් ඒ මහතා කියා සිටියේ පාළාත් පාලන ආයතන මගින්
* පරිපාලන හා නියාමන සේවා.
* මහජන සනීපාරක්ෂාව ප්‍රවර්ධනය.
* පාරිසරික ආරක්ෂාව.
* පොදු මංමාවත් සහ පොදු සැපයුම්සේවා යටිතල පහසුකම් පවත්වාගෙන යාම සිදුකරන බවයි. 

පළාත් පාලන ආයතන ගතහොත් 337කි. මහනගර සභා 24ක්, නගර සභා 41, ප්‍රාදේශීය සභා 272ක් තිබෙන බවත් එනමුත් නිසි ආකාරයෙන් අපද්‍රව්‍ය (කුණු) එකතු කරන, ‌කලට වේලාවට බෝක්කුවක්, පොදු වැසිකිලියක්, පාරක් සුද්ද පවිත්‍රකරගත හැකි පලාත් පාලන ආයතන තිබෙන්නේ අතලොස්සකි. 

තවත් පළාත් පාලන ආයතන මගින් බැහැර කරන අපද්‍රව්‍ය ආහාරයට ගන්නා අලින් වැනි අපේ සුන්දර වනජීවී සම්පතද තවත් පසෙකින් රටට අහිමි වෙමින් පවතින බවයි. එමෙන්ම මෙම පළාත් පාලන ආයතන වලට තම බලප්‍රදේශයේ කුණු නිසි අයුරින් ප්‍රතිචක්‍රීකරණය කරගන්නට නොහැකි වී ඇති බව පෙන්වා දෙනු ලැබීය. 

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් පිරිස 4486 සිට 8356 දක්වා වැඩි වූ අතර ඔවුන්ට වැටුප් ලබාදීම එම ආයතන සදහා මුදල් වෙන්කල යුතු අතර ඒ බරද එන්නේ මහජනතාව වෙත බව ඒ මහතා පෙන්වාදෙනු ලැබීය. 

එසේම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මගින් ˝ඉ - පළාත් පාලන ආයතන˝ නමින් 2009දී ආරම්භ කර තිබු ව්‍යපෘතිය අසාර්ථක වී තිබුණද නැවත 2016 වර්ෂයේ දී එය නැවත ආරම්භ කර තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 39ක් වැයකර තිබුණද එයින් පලක් නොවූ අතර කෝප් කමුටුවේ දැඩි අප්‍රසාදය පළ වී ඇති බවට වැඩිදුටරත් පුලස්ති මහතා මධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. 

ජීවන වියදම, උද්ධමනය, ආර්ථික අර්බුදය හා දේශපාලන බෙදීම් මධ්‍යයේදේශපාලන පක්ෂ ඉල්ලන්නේ මැතිවරණයක් බවත් විපක්ෂ දේශපාලන පක්ෂ මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතු බවට පුලස්ති මහතා පෙන්වා දෙන ලදී. මේ අවස්ථාවේ රටේ තීරක ඡන්දයක් නොවන නිසා කඩිනම් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවට පුලස්ති වන්නිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements