Featured News

Video Gossip

Advertisement

ශ‍්‍රී ලංකාවට අන්ත  පරාජක් හිමිකර දෙමින් ඉංදියාවට ලෝක වාර්තතාගත ජයක් 
වනිදු හසරංගට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලැබීය. 

 ලෝක වාර්තාගත ජයක් සමග වසර 51 ක එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේදී කණ්ඩායමක් අත්කරගත් දැවැන්තම ජයග්‍රහණය මෙයයි.

මීට පෙර, එක්දින අන්තර්ජාතික තරගයකදී කණ්ඩායමක් ලබාගත් විශාලතම ජයග්‍රහණය වූයේ වසර 2008 ඇබර්ඩීන් නුවරදී පැවැති තරගයකදී, අයර්ලන්තය ලකණු 290 කින් පරාජය කරමින් නවසීලන්තය ලබාගත් ලකුණු 290 ක ජයග්‍රහණයයි.මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ඉන්දියානුවෝ ශ්‍රී ලංකාවට සම්පූර්ණ සුද්දයක් දුන්හ.

1975 සිටම එක්දින අන්තර්ජාතික පිටියේ සිටින ශ්‍ර්‍රී ලංකා කණ්ඩායම, සිය එක්දින තරග ඉතිහාසයේ දැවීගිය සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ අද ලබාගත් ලකුණු 73 යි. 

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම, වසර 2012 දී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 43 කට ද, 1986 සාජා හිදී ලකුණු 55 කට ද, 2014 මැන්චෙස්ටර් නුවරදී ලකුණු 67 කට ද දැවී ගොස් තිබිණ.

නියමිත ඕවර 50 නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 390 ක් ලබාගත් ඉන්දියානුවෝ, ඕවර 22 කදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73 කට සීමා කළහ. ඒ වෙනුවෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා යොදාගත්තේ පන්දු යවන්නන් සිව් දෙනකු පමණි. 

පිටියේදී අනතුරට ලක්වීම නිසා කම්පනයට පත් ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට අතිරේක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දුවට පහර දුන් නමුත් ඔහු ලබාගත්තේ ලකුණු 03 කි.

තුවාල ලත් අශේන් බණ්ඩාර පිටියට පිවිසීමට සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවශ්‍යතාව වූයේ ඕවර 28 කින් ලකුණු 317 කි. එහෙත් බණ්ඩාර පිටියට නොපිවිසියේය.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 7/373 යි, 6/219 (ඕවර 43.2 කදී) සහ 5/390 ක් ලෙසිනි.

ආසන්න වශයෙන් සෑම තරගයකදීම ලකුණු 6.87 ක ලකුණු වේගයක් පවත්වාගත් ඉන්දියානුවෝ මෙම තරග තුනේදී ලකුණු 982 ක් ලබාගත්හ.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු යවන්නන් හත් දෙනකු යොදාගත් නමුත් ඉන්දීය පිතිකරුවන් තරමක් හෝ පාලනය කරගත හැකිවූයේ සිය ඕවර 10 ලකුණු 54 කට සිමාකරගත් වනිඳු හසරංගට පමණි.

සෙසු සියලුම පන්දු යවන්නෝ ඉන්දීය පිතිකරුවන් හමුවේ දරුණු ප්‍රහාරයකට ලක්වූහ. විරාට් කෝලිගේ හතරේ පහරක් වැළැක්වීමට යාමේදී අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ දෙදෙනා එකිනෙකා හා ගැටීම නිසා දෙදෙනාවම ගිලන් මැස්සක තබා පිටියෙන් ඉවතට ගෙනයාමට සිදුවිය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත් අතර නායක රෝහිත් ෂර්මා (42) සහ ෂුබ්මන් ගිල් (116) අතර පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 95 කි.

අනතුරුව පැමිණි විරාට් කෝලි ශතක සම්බන්ධතා දෙකකට සම්මාදම් වෙමින් තමාගේ 46 වැනි එක්දින ශතකයත් සම්පූර්ණ කළේය.

පන්දු 110 කින් ලකුණු 166 ක් ලබාගත් හිටපු නායකයාගේ ඉනිමට හතරේ පහර 13 ක් සහ හයේ පහර 8 ක් ඇතුළත්ව තිබිණ.

ඉනිමේ 45 වැනි ඕවරය දක්වාම ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලු 2 ක් පමණි. එහෙත් අවසන් ඕවර 5 දී ඉවක් බවක් නැතිව පහරදීමට යාම හේතුවෙන් ශ්‍රෙයාස් අයියර්, ලෝකේෂ් රාහුල් සහ සූර්යකුමාර් යාදව් දැවී ගියහ.

ධනංජය ද සිල්වා වෙනුවට අෂේන් බණ්ඩාර පිතිකරු ලයිස්තුවට කැඳවා තිබිණ. වමතින් පා දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වෙනුවට දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා කළද එයින් අත්වූ සෙතක් නැත.

මේ අතර වනිදු හසරංග මෙම ඒක්දින තරගාවලියේදී කිසිිිදු කඩුල්ලක්  අත් කර ගැනීමට සමත් වී නොමැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements