Featured News

Video Gossip

Advertisement

ලංකා බැංකුවේ සභාපතිවරයාගේ දූෂණ මාධ්‍යට හෙලිකිරීම වලකාලමින් ලංකාබැංකු සේවක සංගමයට නිකුත් කර තිබූ වාරණය ඉවතට

ලංකා බැංකුවේ සභාපතිවරයාගේ දූෂිත ක්‍රියා හෙලිදරව් කරමින් ඔහු වහා එම ධූරයෙන් ඉවත් කරන ලෙසත් බැංකුව තුල වෝහාරික විගණනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සිටිමින් ලංකා බැංකු සේවක සංගමය විසින් වෘතීය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කරන ලදී.බැංකුවේ සභාපතිවරයා විසින් ඊට එරෙහිව උසාවිය වෙත ඒකපාර්ශිකව කරුණු දක්වමින් වාරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර ලංකා බැංකු සේවක සංගමය විසින් ඉදිරිපත් කල විරෝධාතා ගොනුකිරීම හා ලිඛිත සාක්ෂි සම්පිණ්ඩනය සලකා බැලූ ගරු අධිකරණය 2023.01.02 අද දින එම වාරණ නියෝගය ඉවත්කර ඇත.ඒ අනුව දුෂිත පාලකයින්ගෙන් මහජන මුදල් හා ලාංකා බැංකුව වැනි රාජ්‍ය ආයතන ආරක්ෂා කිරීම සඳහා වෘතිය සමිතියකට ඇති අයිතිය තහවරු කිරීමට ගරු අධිකරණය කටයුතු කල බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.

පසුගියකාලය තුල දේශපාලන හිතවතුනට ලබා දී ඇති අය නොවන ණය බිලියන ගණනක් ඇති බවත් දේශපාලන අවශ්‍යතා මත පසුගිය ආණ්ඩුව සමයේ බිලියන ගණන් මහජනතාවගේ මුදල් කිසිඳු වගකීමකින් තොරව අවභාවිතා කර ඇති බවත් එම තත්වය රටේ වත්මන් ආර්ථික අර්බුධයට ප්‍රභල බලපෑමක් සිදු කල බවත් එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.මෙම දූෂිත ක්‍රියා සහ මහජන මුදල් අවභාවිතය සඳහා ලංකා බැංකුවේ සභාපතිවරයා සෘජුවම වගකිව යුතු බවත් මේ වන විට සභාපතිවරයාගේ නිල කාලය අවසන් වුවද නැවත වතාවක් ඔහුගේ කාලය දීර්ඝ කිරීමට වත්මන් ආණ්ඩුවද කටයුතු කරන්නේ නම් දැඩි වෘතීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹෙන බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements