Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

උඩුකය නිරුවත්ව පෙනුනට මම අවශ්‍ය තැන් ආවරණය කරලයි රඟපෑවේ - ඩිනාරා පුංචිහේවා

ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘ගාඩි. චිත්‍රපටය එළැඹෙන 20 වැනිදා සිට එල් එෆ් ඩී සහ සී ඊ එල් මණ්ඩල හරහා තිරගතවීමට නියමිතය.

ගාඩි නිර්මාණය කරද්දී අධ්‍යක්‍ෂවරයාට තිබුණු ලොකුම ගැටලුව තමයි ප්‍රධාන නිළියගේ චරිතයට කවුද තෝරාගන්නේ කියන එක. බොහෝ නිළියන් මේ චරිතය භාරගන්න බැහැ කියද්දී අවසානයේදී කිසිම චිත්‍රපටයක රඟපා නැති ඩිනාරා පුංචිහේවා ඒ අභියෝගය භාර ගන්නවා. ඉතිං අපි ඒ ගැන කතා කරන්න ඩිනාරාට කතා කළා.

ඩිනාරා පුංචිහේවා කියන්නේ කවුද?
කෙටියෙන් කියනවා නම් ජීවිතයට ආදරය කරන චිත්‍රපටවලට ආදරය කරන සහ අන් අයට උදව් කරන්න ප්‍රිය කරන පුද්ගලයෙක්.

ඩිනාරාගේ පදිංචිය

මගේ ගම කොළඹ.

පවුලේ විස්තර?

අම්මයි” තාත්තයි” නංගියි” මල්ලියි මම විවාහකයි. මගේ සැමියත් ඉන්නවා. මම පවුලේ වැඩිමලා.

ඉගෙන ගත්තේ

කොළඹ කාන්තා විදුහලේ. උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ක්වීන් මේරී විශ්විවිද්‍යාලයට පිවිසුණා. එහිදී මම නාට්‍ය සහ රංගනය තමයි හැදෑරුවේ.

ඉගෙන ගත්තේ කවුරු වෙන්න හිතාගෙන ද?

මම ඉගෙන ගත්තේ රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන. පාසලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබෙනවා. චිත්‍රපට නරඹලා හීන දැක්කේ නිළියක් වෙන්න. මම නිළියක් වෙන්න ගොඩක් හීන මැව්වා. උපාධිය ලබාගත්තාට පස්සේ ඉන්දියාවේ වැඩමුළු කිහිපයකට සම්බන්ධ වුණා. කාලයක් මම බි්‍රතාන්‍යයේ ටෙලි නාට්‍යයක වැඩ කළා. ඊට පස්සෙ මම වේදිකා නාට්‍ය කිහිපයක වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් වැඩ කළා.

ගාඩි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?

මුලින්ම මම නළු නිළියන් තෝරාගැනීමේ ඔඩිෂන් එකට සම්බන්ධ වුණා. ඊට පස්සෙ තමයි මට ටිකිරි කියන ප්‍රධාන චරිතය ලැබුණේ. ඉතිං මෙහි අධ්‍යක්‍ෂතුමා මෙම චිත්‍රපටයට නිළියක් තෝරන පරීක්‍ෂණයට මම ගියාට පස්සේ” අද වගේ මතකයි මට හම්බවුණ නොම්බරය. 365 තමයි මට හම්බවුණ නොම්බරය. ඒ පරීක්‍ෂණයෙන් පසුව අධ්‍යක්‍ෂතුමා මාල කියන කෙටි චිත්‍රපටය දුටුවා. ඊට පසුව තමයි ටිකිරි කියන චරිතය ලබාදුන්නේ.

ටිකිරි ගැන කතා කළොත්?

මේ කතාව අනුව ටිකිරිගේ චරිතය ගත්තොත් ඇය වයස 17 ක ළාබාල තරුණියක්. සැමියා විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමයි දියේ ගිල්වා මැරීමේ දඬුවම ඇයට හිමිවෙන්නේ. ඇය එය ප්‍රතික්‍ෂේප කළ නිසයි රොඩී කුලයට පාවා දෙන්නේ. මේක ඓතිහාසික කතාවක් මුල්කරගෙන යන ආදර කතාවක්. ඉතිං සෑහෙන මානසික සහ ශාරීරික ශක්තියක් ඕනෑ වුණා.

උඩුකය නිරුවත්ව රඟපාන්න ලැබීම අභියෝගයක් නේද?

මම උඩුකය නිරුවත්ව රඟපෑවේ නැහැ. මම ශරීරය ආවරණය වන ලෙස ඇඳුම් ඇඳලයි හිටියේ. ඉතිං ඒ දර්ශනය දකිනකොට මට හිතුණේ අපේ කැමරා ශිල්පියා දක්‍ෂයෙක් කියලා අනිවාර්යයෙන්ම ඒ දර්ශනය ලොකු අභියෝගයක් වුණා. නමුත් මගේ අධ්‍යක්‍ෂතුමා වේෂ නිරූපණ ශිල්පියා හරහා නිසි පරිදි මාව වෙස්ගැන්වීමේ වගකීම ඉතා විශිෂ්ට ලෙස සිදු කළා. ඒ විශ්වාසය මත තමයි මගේ රඟපෑම සැහැල්ලුවෙන් සිදු කළේ.

අනික මම නිරුවත් දර්ශනවලට ඉන්න කැමැති නැහැ. හැම කෙනකුටම තමාගේ කැමැත්ත අනුව චරිත තෝරාගැනීමට නිදහස තියෙනවානේ. ඒ අය ගැන මම කිසිම විටක වැරදියට හිතන්නේ නැහැ. හැමෝගෙම රුචිකත්වයක් තියෙනවානේ.

ගෙදරින් කිව්වේ නැත්ද මේ චරිතය භාරගන්න එපා කියලා

ඇත්තටම ගෙදරින් කිසිම විරුද්ධත්වයක් තිබුණේ නැහැ. මගේ දෙමවුපියන්” මගේ සැමියා මගේ නංගි” මල්ලි යන සෑමදෙනාම මට ආශිර්වාද කරමින් සම්පූර්ණයෙන් සහයෝගය ලබාදුන්නා. ඉතිං ඒ ගැන සතුටුයි. ඒ වගේම ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය හින්දමයි මගේ උපාධියට නාට්‍ය හා රංග කලාව සිදුකළේ. ඒ නිසා මේ අංශය තෝරාගැනීම ගැන ඔවුන්ගෙන් මට විරුද්ධත්වයක් තිබුණේ නෑ.

රූගත කිරීමේදී සිදුවුණ අමතක නොවන සිදුවීම්?

චිත්‍රපටයේ එක් අවස්ථාවක් තිබුණා ගඟට බැහැලා රූගත කරන දර්ශනයක්. ඒ අවස්ථාවේ මගේ හිතට පොඩි බයක් තිබුණා. දියනයි වගේම කූඩැල්ලො හිටියා. ප්‍රසන්න විතානගේ වැනි සුවිශේෂී අධ්‍යක්‍ෂවරයෙක් යටතේ ප්‍රධාන චරිතයකින් අධ්‍යක්‍ෂණය වෙන්න ලැබීම ගැනත් ඉතාම කුඩා කාලයක් තුළ මට මේ වගේ චරිතයක් ලැබීම ගැනත් සතුටු වෙනවා. ඒක මගේ වාසනාවක්.

අධ්‍යක්‍ෂ ප්‍රසන්නගෙන් ලැබුණු ප්‍රතිචාර?

ප්‍රසන්න සර් කිව්වා මම හොඳයි කියලා. සෑහීමකට පත්වෙන්න පුළුවන් කිව්වා ඒක මට ඇත්තටම ලොකු සතුටක්.

සංජීව පුෂ්පකුමාරගේ ආසු සහ Peacock Lament චිත්‍රපටවලටත් සම්බන්ධ වුණා නේද?

මම සජීව පුෂ්පකුමාරගේ සම්භාව්‍ය තේමාවලට හරි කැමැතියි. මම සතුටු වෙනවා ඔහුගේ චිත්‍රපට දෙකකම රඟපාන්න ලැබීම ගැන. සෑහෙන කැපවීමෙන් තමයි ඒ චිත්‍රපට දෙකම රූගත කළේ. ගාඩි චිත්‍රපටයෙන් පසුව මේ චිත්‍රපට දෙකත් තිරගතවේවි කියලා මම හිතනවා.

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ සහෝ නිර්මාණයට දායක වුණා නේද?

ඔව්. ඒක ඇත්තටම විශ්වවිද්‍යාලයක කතාවක්. යාළුවො හතරදෙනකුගේ කතාවක්. ඒකත් අපි රූගත කිරීම් සිදුකළේ කොවිඩ් වසංගතය මැද. මම දැනට සිනමා නිර්මාණ හතරකට දායකවෙලා තියෙනවා. ඉතා කෙටි කලකින් හොඳ චිත්‍රපට හතරක් ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා.

ඩිනාරා වෘත්තීය නිළියක් වෙන්නද කැමැති?

ඇත්තටම ඉදිරියටත් සිනමාවේ රැඳෙන්න තමයි කැමැති. මට සුදුස හොඳ පිටපතක් ලැබුණොත් රඟපානවා සිනමාව මගේ වෘත්තිය කරගන්න මට ලොකු ආසාවක් තියෙනවා. දැනට මම ජාත්‍යන්තර පාසලක රංගනය විෂයයක් විදිහට උගන්වනවා.

දිනේෂ් විතාන

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook