Featured News

Video Gossip

Advertisement

සියල්ලන් මවිත කරමින් චීනය දුන් ණය සහනය මෙන්න

ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන බවට චීන අපනයන-ආනයන බැංකුව (The Export-Import Bank of China) ලිපියකින් දැනුම් දී තිබේ.

අදාළ ලිපියෙහි දැක්වෙන්නේ, වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට අදාළ චීන බැංකුව ශ්‍රී ලංකාවට අවස්ථාව සලසා දෙන බවය.
එසේ ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබා ගැනීමට ද ඔවුන් අවශ්‍ය සහය ලබා දෙන බව එම බැංකුව දන්වා තිබේ.

එම ලිපිය ජනවාරි 19 වන දාතමින් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශයට යොමු කර ඇත.

මේ අතර, ඉන්දියාව ද මේ මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියකින් දැනුම් දී තිබුණ‍ේ, ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දෙන බව ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements