Advertisement

දළදාව ළගදීම මගේ ලගට වඩිනවා  එය දැන් මහනුවර නෑ..
පොතුහැර දලදා මාලිගාවක් තනන හිමිකරු බෝසත් ජානක කියයි

දළදා වහන්සේ නුවර දළදා මාලිගාවේ නොමැති බවත්, උන්වහන්සේ තමන් ළඟට ළඟදීම වඩින බවත් ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

බෝසත් ජානක නමැති මෙම පුද්ගලයා පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර මෙම අසත්‍ය ප්‍රචාරවල නිරතවන බවට කරුණු හෙළි වී ඇත.
 ඒ සඳහා ඔහුට දෙස් විදෙස් ආධාර ලැබෙන බවද දැන ගන්නට ඇත. මෙලෙස ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තමන් කිසිම අවසරයක් ලබා නොදුන් බව ​පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් ඩී. ඒ. දිසානායක පැවසීය.

මොහු කරන මෙම ක්‍රියාවලියට විරෝධය දැක්වූ පුද්ගලයකු හට යම්කිසි පිරිසක් පහර දීමට කටයුතු කර ඇති හෙයින් එම පුද්ගලයා පොතුහැර පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇත.

‘‘බෝසත් ජානක’ නමැති පුද්ගලයා වසර හතරකට පමණ පෙර පොතුහැර උප්පලවණ්ණා මෙහෙණි ආරාමයට පැමිණ ඇත්තේ බෝධිපූජා පැවැත්වීමට පමණක් අවසර ලබා ගැනීමට බව පොන්නිලමේ උප්පලවණ්ණා මෙහෙනින් වහන්සේ පැවසුවාය. 

අවසර ලබාදීමෙන් අනතුරුව බෙහෝ හිරිහැර පීඩාවන්ට තමන්ට ලක්වීමට සිදු වූ අතර එම ගැටලු විසඳා ගැනීමට නීතියේ සරණ පැතීමටද මෙහෙණින් වහන්සේලාට සිදු වූ බවද වැඩිදුරටත් පැවසුවාය. දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවලට චෛත්‍යය තනා දීමට දායක වන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන එලෙස ඉදිකරන ලද චෛත්‍යය ප්‍රමිතියෙන් තොර නිසා එම චෛත්‍ය කඩා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද එම විහාරස්ථානවල හිමිවරු කියති.

ව්‍යාජ දළදා මාලිගයක් තනාගෙන පිළිකා ඇතුළු නිධන්ගත රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙන බව කියන පොතුහැර බෝසත් ජානක නමැත්තාට එසේ කිරීමට තමන් අවසර ලබාදී නොමැති බව වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස් එස්.එම්.ඒ.ආර් සෙනවිරත්න පැවසීය.

දෙවියන් විසින් ලබාදුන් වට්ටෝරුවකට අනුව නිපදවූ තෙල් බව පවසා ජනතාවට ප්‍රතිකාර කරන මෙම පුද්ගලයා ආයුර්වේද ක්‍රම මගින් දරුඵල අහිමි කාන්තාවන්ට දරුඵල ලබාදෙන බව කියන බවද ආයුර්වේද දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති බව ද එහි උසස් නිලධාරියෙකු පැවසීය.

පොතුහැර ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පති, ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කළ බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි. 

දළදා මාලිගයට සමාන හැඬයකින් යුතු ගොඩනැගිල්ලක් තනමින් ‘‘බෝසත් ජානක’’ නමැති පුද්ගලයකු විසින් පොතුහැර ප්‍රදේශයේ මෙම ව්‍යාජ මාලිගාව නිර්මාණය කර තිබේ.

ජානක සේනාධිපති නමැති පුද්ගලයකු විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව හා සමාන දළදා මාලිගාවක් කුරුණෑගල පොතුහැර වැදෑකඩ ප්‍රදේශයේ ඉදිකරන බවත් කඩිනමින් මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් සහ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබිණි. 

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම සිදුවීම්වලට අදාළව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර ඒ අනුව මෙම විමර්ශන සිදුකෙරේ.

– Aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements