Advertisement

ලෝචනා ඉතාලියේ shopping කරන්න ගිහින් වෙච්ච වැඩේ

කලා කටයුතුවලින් මේ වෙන විට තරමක් ඇත්ව සිටියත් ලෝචනා ඉමාෂි කියන්නේ අපි අදටත් ගොඩක් ආදරය කරන රංගන ශිල්පිණියක්. මේ දිනවල ලංකාවේ සිටියත් ඇය පසුගිය කාලේ නම් වැඩිපුරම ගත කළේ විදෙස් රටවල. මේ නිසාම අපි හිතුවා ඇයගෙන් ඒ ගැන අහන්න.

නිතරම වගේ ලෝචනා විදෙස් ගත වෙනවා නේද?

නිවාඩුවක්.. විවේකයක්.. ලැබුණ ගොඩක් වෙලවට මම කරන්නේ යාළුවොත් එක්ක හරි පවුලේ අයත් එක්ක හරි විදෙස් රටක සංචාරය කරන එක තමයි. දැනට නම් ගොඩක් රටවල් වලට මම ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපා රටවල්වලට.
තව අපේ රටට ආසන්නව තියෙන බාලි, මාලදිවයින වගේ රටවල් වලටත් මම නිතරම වගේ යනවා. ගොඩක්ම ආස මම බාලි දුපත්වල සංචාරය කරන්න.

විදෙස් ගත වුණාම සාප්පු සවාරියේ යන්න කොහෙද කැමති?

සාප්පු සවාරියේ යන්න හොඳම තැන් නම් තියෙන්නේ බැංකොක්, ඉතාලි වගේම යුරෝපා රටවල. මම ගොඩක් වෙලාවට ඇදුම් පැළඳුම්, නිවසට අවශ්‍යය කරන දේවල් ගන්නේ ඔය කියන රටවල් වලින් තමයි. මොකද, ඒ භාණ්ඩවල හොද ප්‍රමිතියක් තියෙනවා. මිළ ගණන් වුණත් ඉතාම සාධාරණයි. 

වතාවක් ඉතාලියේ සංචාරයක් ගියපු වෙලාවක මමයි මගේ අක්කයි බඩු ගත්තා හිතුවටත් වඩා වැඩිපුර. එදදි වෙච්ච සිදුවිම් නම් අදටත් මට අමතක නැහැ.

මොකක්ද ඒ සිදුවීම?

ඉතාලියේ කොහොමත් ඇදුම් පැළඳුම් ගොඩක් ලස්සනයි. ඒ වගේම ඒ දේවල්වල වටිනාකමත් සාධාරණයි. ඉතින් අක්කයි මායි දෙන්නා ගොඩක් බඩු ගත්තා එදා අපිට උස්සගෙන යන්න බැරි තරම්. මටයි අක්කාටයි මතක නැති වුණා අපි ඇදුම් ගන්න ආවේ අපි නැවතිලා හිටිය තැන ඉඳලා ඇවිඳගෙන කියලා. දන්නේම නැතුව මායි අක්කයි ටික්ක වැඩිපුර ඇවිදිලා. අර බඩු කන්දරාවත් උස්සගෙන ඉතින් අපි දෙන්නා බොහෝම අමාරුවෙන් තමයි හිටිය තැනට ආවේ. 

එනකොට ගත්තු බඩු ගොඩක් අතරමඟ වැටිලා. පාඩුව නම් ගොඩයි. ඒ වුණත් ඒක අපිට ලොකු අත්දැකිමක් වුණා. ඊට පස්සේ මම රටවල් කිහිපයකටම ගියා සංචාරය කරන්න. ඉතින් අර අත්දැකිමත් එක්ක ආපහු මම ඇදුම් පැළදුම් හා අනෙකුත් දේවල් මිළඳි ගනිද්දි ගොඩක්ම සැළකිලිමත් වුණා.

ආයේ විදෙස් ගත වෙන්න අදහසක් නැද්ද ළඟදී

විදෙස් රටවලට යන්න තියෙන කැමැත්ත නිසා ළඟදිම ආයෙත් පාරක් විදෙස් ගත වෙන්න අදහසක් තියෙනවා. මේ පාර නම් සැළසුම් කරලා තියෙන්නේ බාලි, හොංකොං වගේ රටකට යන්න. පවුලේ අයත් එක්ක තමයි මෙදා පාර යන්න සූදානමින් ඉන්නේ.

ඇයි මේ තරම් විදෙස් ගත වෙන්න ඔබ ආස

ලංකාවේ වගේ නෙමෙයි පිටරටකට යනවා කියන්නේ වෙනස්ම අත්දැකිමක්. ඒ රටවල්වල මිනිස්සු ගෙවෙන ජිවිතේ හරි වෙනස්. පුදුමකාර නිදහසක් තියෙනවා. ඔවුන්ගේ සංස්කෘතිය වුණක් අපිට වඩා වෙනසක් විවිධත්වයක් තියෙනවා. ඒ වගේම කැම වර්ග පවා එකිනෙකට වෙනස්. 

මම ආසයි ඒ දේවල් අත් විඳන්න. බොහෝ දුරට මම විදෙස් රටවල සංචාරය කරන්න හේතු වුණෙත් ඔය දේවල් නිසා කියලා මම හිතනවා.

බුද්ධික සේනාධීර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements