Advertisement

Army ලොක්කන් දෙදෙනෙක් මහ පාරේ ගුටි ‌‌‌කෙළියක  - වුන දේ මෙන්න

හමුද යුද හමුදාවේ ඉහල නිධාරීන් දෙදෙනෙකු මහා මාර්ගයේ දී ඇති කරගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් ඔවුන් දරන ධූරයන්ගෙන් ඉවත් කළ බව යුද හමුදාව සඳහන් කරයි.

නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් එල් එස් බාලචන්ද්‍ර හා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික ප‍්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා යන නිලධාරීන් මෙසේ ගැටුමක් ඇති කරගෙන ඇත්තේ මහා මාර්ගයක දී ඔවුන්ගේ වාහනය වලට ඉස්සර කිරීමට යාමේදී ඇති වූ මතභේදයක් හේතුවෙනි.දඹුල්ලේ පැවැති උත්සවයකට සහභාගි වීමට යමින් සිටියදී මෙම ගැටුම ඇතිවූ ඇතිව ඇති අතර එහිදී ගුටිබැට හුවමාරුවක් ද සිදුව ඇතැයි වාර්තාවේ.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන තුරු නිලධාරීන් යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කර තිබේ.

බ්‍රිගේඩියර් වරයාගේ රථය මේ මේජර් ජනරාල්වරයාගේ මෝටර් රථය පසුකර යාමෙන් කෝපයට පත් මේජර් ජෙනරාල්වරයා තම රියදුරු උපදෙස් දී ඇත්තේ බි‍්‍රගේඩියර්වරයාගේ මෝටර් රථය පසුකර ගෙන යන ලෙසයි. පසුව එය මහා මාර්ගයේ ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements