Featured News

Video Gossip

Advertisement

ගුරුවරියක් වූ සිය බිරිදගේ පාසලේ දරුවන්ට මහ මගදී අවවාද ලබාදීමට ගොස් ජිවිතයෙන් වන්දි ගෙවූ රංග

ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දීමෙන් එක්දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.

එම සැකකරුවන් තිදෙනා ද 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකි,

සැකකරුවන් සියලු දෙදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් ජයසිරි නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය සදහන් කරයි

යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් ට ඝාතනයට ලක්වූ පුද්ගලයා අවවාද කිරීම සිද්ධියට ආසන්නම හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු රෝහල් ගත කිරීමත් සමගම පාසල් සිසුන් තිදෙනාම එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර වෙළෙඳ සැල සැලක සැඟවී සිටි පාසල් සිසුවෙක් පොලිස් භාරයට ගැනීමත් සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහරදීමට උත්සාහ දැරූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කෙරිණි.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements