Featured News

Video Gossip

Advertisement

තාම මැරි කරලා ළමයි හදන් නෑ කියලා ගොඩක් අය කතා ‌වෙන්න ඇති
දරුවෙක් හදන්න අපි ට්‍රයි කරලා 
මට ප්‍රශ්නයක් තිබුණා - වත්සලා දියලගොඩ

නව පරපුරේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වත්සලා දියලගොඩ කියන්නේ. විවාහයෙන් පස්සෙ වත්සලා රංගනයෙන් කටයුතුවල නම් ඒ තරම් නොපෙනුණත් කලාවට සම්බන්ධ අනෙකුත් වැඩසටහන්වලදී නම් ඇයව නිතරම දකින්න ලැබෙනවා.

විවාහ වෙලා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ඇය අය මේ වෙද්දි නම් නිදහසේ ටිකක් විවේකීව ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. 

නමුත් නැවත වතාවක් ටෙලිනාට්‍යය ක්ෂේත්‍රය එක්ක නම් ඇය සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඇයගේ නිර්මාණයක් අපිට ගොඩ කාලයකින් දැක බලා ගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ.විවාහ වුණාට පස්සේ ඕනෑම දෙදෙනකුගේ මූලිකම බලාපොරොත්තුව තමයි උතුම් දරු සම්පත්තිය ලබන එක. ඉතින් ඇයත් ඒ වෙනුවෙන් කාලාන්තරයක් තිස්සෙ බලාගෙන හිටපු කෙනෙක්.

 හැබැයි ඇය නොසිතූ විදිහක ප්‍රශ්නෙකට තමයි මූණ දෙන්නෙ. ඒ සම්බන්ධයෙන් වත්සලා කිව්වේ මේ වගේ කතාවක්.

“දරුවෙක් හදන්න අපි ට්‍රයි කරලා මාස අටක් විතර දරුවෙක් හදන්න උත්සාහ කළා. මට thairoid ප්‍රශ්නයක් තිබුණා සමහර අය මට කෙලින් අහලා නෑ හැබැයි කතා වෙන්නැති තාම මැරි කරලා ළමයි හදන් නෑ කියලා. ගොඩක් අය කියලා තිබ්බා දරුවො හදන්න කලින් මෙයා ලොකු වෙලා ඉන්න එපායැ කියලා. 

තවත් සමහර අය දැන්නම් දරුවෙක් හිටියොත් හොඳයි කියලා කිව්වා. හැබැයි අපි දෙන්නට නම් ඒක ලොකුවට දැනුනේ නැහැ. අද එයි හෙට එයි කිය කියා ඒ බලාපොරොත්තුවෙන් හිටියේ. මම හැම වෙලාවෙම හිතුවේ සුදුසුම වෙලාවේ සුදුසු කෙනා එයි කියලා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements