Featured News

Video Gossip

Advertisement

විදේශ රටක ඉඳන් කමල් අද්දරාරච්චි උපන්දිනය සැමරුව හැටි 
දැන් වයස මෙන්න
[PHOTOS]

අතිශය කෙළිලොල් තරුණයකුගේ ජීවිතය තුළ විවිධ පැතිකඩ නිරෑපණය කරන්නට වරම් ලද ඔහු සැබෑ ජීවිතය තුළ සිය තාරුණ්‍යය ඉක්මවා යමින් සිටියද අදටත් එදා සේම එම තරුණවිය නිරෑපණය කරන්නට තරම් කඩවසම් බව පැවසීම කිසි ලෙසකින්වත් අතිශයෝක්තියක් නොවනු ඇත. වේදකාව ටෙලිනාට්‍යය සේම සිනමාව තුළද තම අපූරු රංගන හැකියාව ප්‍රදර්ශනය කළ ඔහු මෙරට ප්‍රේක්ෂකාගාරය අදටත් එක ලෙස ආදරය කරන රංගන ශිල්පී කමල් අද්දරාරච්චි නම් වේ.

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ....

ඔහු ගැයූ මුල්ම ගීතය එයයි. එයින්ම ඔහුට තම ගායන හැකියාව වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනා ගන්නටද වරම් හිමි විය. කමල් අද්දරාරච්චි 1962 පෙබරවාරි 5වන දින අද්දරාරච්චිගේ ගුනේන්ද්‍ර කමල් ලෙස උපත ලැබුවේය. ඔහු සම්මානලාභී ශ්‍රි ලාංකික සිනමා සහ ටෙලිනාට්‍ය නළුවෙකු, ගායකයකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ද වන්නේය. ඔහු ගේ ප්‍රථම රංගනය එළිදැක්වූයේ 1981 වර්ෂයේ දී නිපද වූ ගාමිණි ෆොන්සේකා මහතාගේ “සාගරයක් මැද” චිත්‍රපටයෙනි.


එවිට ඔහු පාසැල් ශිෂ්‍යයෙකි. 1970 අග භාගයේ සිට ඔහු චිත්‍රපට හා ටෙලි නාට්‍ය බොහොමයක විවිධාකාර චරිතයන් ඔස්සේ පෙනී සිටියේය. වර්තමානය වන විට චිත්‍රපට 40 කට ,ටෙලිනාටය 20කට හා වේදිකා නාට්‍ය 6 කට වැඩි ප්‍රමාණයක සිය රංගනයෙන් දායක වී ඇත.


2002 වර්ෂයේ දී “අග්නිදාහය” චිත්‍රපටයේ ඉදිරිපත් කළ සොබනාගේ චරිතය වෙනුවෙන් හොඳම නළුවා සඳහා වූ සරසවි සම්මානය දිනා ගත්තේය.


1993 වර්ෂයේදී “සප්ත කන්‍යා” චිත්‍රපටය සඳහා දමයන්ති ජයසූරිය සමග ගැයූ “උන්මාදවූ “ නම් යුග ගීතයත් සමග කමල් අද්දරාරච්චි ගායකයකු ලෙස සිය නම සනිටුහන් කළේය. එමෙන්ම ඔහු “රියැලිටි” වැඩසටහනක් වන “සිරස සුපර්ස්ටාර්” තරඟයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙසද කටයුතු කළේය.

පසුගියදා මෙරට සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකුගේ උපන්දිනයයි. ඒ වෙන කමල් අද්දරාරච්චි නම් සිනමා සහ ටෙලිතිරයේ සදා වියපත් නොවන ප්‍රේමවන්තයාගේයි. කලා ලෝකේ හිතවතුන් රැසක් ඔහුගේ 61 වෙනි උපන්දිනය වෙනුවෙන් සමාජ ජාලාවල  ඔහුට සුබපතා තිබුණා.

මෙවර උපන්දිනය කමල් සමරලා තියෙන්නේ විදේශ රටකදී. ඒ පවුලේ අයත් එක්ක. කමල් අද්දරාරච්චි ඔහුගේ ෆේස්බුක් ගිණුමේ එහිදී ගත් ඡායාරූප කීපයක් පළ කරමින් සටහනක් පළ කරලා තිබුණා.

ඒ රට කොහේදැයි නම් ඔහු සඳහන් කරලා තිබුණේ නැහැ.

පහත දැක්වෙන්නේ ඔහුගේ ඒ සටහන සහ ඡායාරූප.

"කැදැල්ලෙන් පියඹා ඇවිදින් දුරු රටකට..... ටික දිනකට..."

ඒ් ඡායාරෑප පහතින්



'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements