Featured News

Video Gossip

Advertisement

ගොවීන් 3000ට වැඩි පිරිසකගේ රජය ලබාදුන් සහනාධාර අහිමිකළ, නිදා සිටි සංවර්ධන නිලධාරිාගේ වැඩ තහනම්

ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබාදුන් සහනාධාර අහිමිකළ මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ සංවර්ධන නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම නිලධාරියා විසින් රජය මගින් ගොවිජනතාවට නොමිලයේ ලබාදෙන සහනාධාර කිසිවක් ගොවීන් 3000කට අධික පිරිසකට ලබාදීම සඳහා අවශ්‍ය තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබාදී නොමැති බවට කෘෂිකර්ම අමාත්‍ය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව එම නිලධාරියාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇති බවය.

එම සංවර්ධන නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රඹේ බල ප්‍රදේශයේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය විසින් ලබා දුන් රුපියල් 10,000 හා 20,000 දීමනාව අහිමි වි තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේය.

එමෙන්ම එවැනි චෝදනා රැසක් එල්ල වී ඇති තවත් සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් රැසක් සම්බන්ධව දැනට සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ලබාදී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements