Featured News

Video Gossip

Advertisement

අසැබි චිත්‍රපට නිළි ස්ටෝමි ඩැනියෙල්ස්ගේ හෙළිදරව්වක් නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් අමාරුවේ

ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනාවලට ලක්වූ අමෙරිකා එක්සත් ජනපදයේ පළමු හිටපු ජනාධිපතිවරයා වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා පෙන්වා දුන්නේ, 2016 වසරේ මැතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස්ට තමන් සමග පැවති සම්බන්ධතාව පිළිබඳ තොරතුරු හෙළි නොකරන ලෙස ඔහු සිදු කර ඇති මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් ඔහුට අධිචෝදනා එල්ල වී ඇති බව ය.

නිව් යෝර්ක්හි නීතිඥයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටි බව ද එම වාර්තාවල දැක්වේ.ස්ටෝමි ඩැනියෙල්ස් කියා ඇත්තේ, තමා හිටපු ජනාධිපතිවරයා සමග අනාචාරයේ හැසිරුණු බව ත්, ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීමට අමෙරිකානු ඩොලර් 130,000ක් ගෙවා ඇති බව ත් ය.

අදාළ ගෙවීම නීත්‍යනුකූල නමුත් ට්‍රම්ප් එය ව්‍යාපාරික වියදමක් ලෙස සඳහන් කර ඇති බව කියනු ලබන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එම වාර්තා පෙන්වා දෙන්නේ, ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම අමෙරිකාව තුළ නීති විරෝධී බව ය.

ඒ අනුව, ලබන අඟහරුවාදා නිව්යෝර්ක් නුවරදී ට්‍රම්ප් මෙම චෝදනාවලට මුහුණ දීම සඳහා අධිකරණයේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ අධිචෝදනා පත්‍රය “දේශපාලනික පීඩාවක්” බව ය.

නිල වශයෙන් තහවුරු කර නැතත්, ට්‍රම්ප් ව්‍යාපාරික වංචාවලට සම්බන්ධ චෝදනා 24කට අධික ගණනකට මුහුණ දෙන බව එක්සත් ජනපද මාධ්‍ය පවසා තිබේ.

රිපබ්ලිකන් පාක්ෂිකයින් මෙලෙස අධිචෝදනා ගොනු කිරීම “සාහසික ක්‍රියාවක්” ලෙස හඳුන්වන අතර ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවසන්නේ, කිසිවෙ නීතියට ඉහළින් නොසිටින බව ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements