Featured News

Video Gossip

Advertisement

අපි දෙවිවරු නෙවෙයි - මගෙත් ජීවිතේ වැරදීම් වුණා. - කේ සුජීවාගේ ආදරයේ අන්දෝලනාත්මක දෙදරායාමෙන් පසුව අජිත්  හඬ අවදි කරයි 

සුදු අරලියා මල" ගීතයෙන් රටක්ම දැන අදුනගත්, ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ කියන්නෙ කැසට් පටවලින් ආදායම් වාර්තා තැබූ අයෙක්.

ඒ වගේම අතිශය ජනප්‍රිය "සකුරා රේන්ජ්" සංගීත කණ්ඩායමේ නියමුවා වුණෙත් ඔහු යි.

පසුගිය කාලයේ ගායිකා කේ සුජීවා සමග ඇරඹුණු ආදර හුටපටයක් හේතුවෙන් අජිත්ගේ නම දිගින් දිගටම සමාජ මාධ්‍යවල දක්නටට ලැබුනා. පසුව ඔහු කාලයක් නිහඩව සිටියා.90 දශකයෙන් පස්සෙ කාලෙක දී තරුණ තරුණියන් පිස්සු වට්ටපු ගීත ගණනක් ගැයූ ගායකයා ඔහු යි. ඔහුගේ "සුදු අරලියා මල" කැසට් පටය පමණක් අතිශය පුදුමාකාර විදිහට වාර්තා අතරට එක්වුණා.

මේ ඒ ගැන අජිත් කිව්ව කතාව..

"සුදු අරලියා මල හැදුණේ බොහෝම සුලු මොහොතකින්. එතකොට අපි (සකුරා රේන්ජ්) පසුබිම් සංගීතය සපයන කාලේ. එන අතරේ චන්න අයියා කිව්වෙ වැඩක් කරමු කියලා. චන්න ජයනාත් අයියා, එයා ළඟදි නැතිවුණා කොරෝනා හැදිලා. මම මට සිංදුව ලියපු හැමෝවම මතක් කරනවා ආදරෙන්. මම ප්ලේ කරන ගමන්මයි චන්න අයියා ලිව්වේ. අපි රෙකෝඩ් කළා. කැසට් එක ආපු ගමන් රෙකෝඩ් කරගන්න මැෂින් පවා හිරවුණා. ලක්ෂ 7ක් ගියා කැසට් එක. මම නොසිතූ විදිහට ජනප්‍රිය වුණා. දකුණේ ලොකුම ස්ටුඩියෝ එක හැදුවේ මගේ ගෙදර..."

සමාජ මාධ්‍යයේ විවේචන ගැන අජිත් කිව්වෙ මෙහෙම කතාවක්..

"විවේචන අපහාස එද්දි තනිවෙනවා. ඒකෙන් අපි හදාගන්නවා මොරාල් එක. මට මුල ඉඳන්ම ඕක තිබ්බා. මට චෝදනාවක් කළොත් මම ඒකට උත්තර දෙනවා. ඒක මගෙ විධිය. 

මගෙත් ජීවිතේ වැරදීම් අතපසුවීම් වෙනවා. අපි දෙවිවරු නෙවේ.. 

සීයට අනූ නවයක් අපි උත්සහා කරන්න ඕනේ මේක හදාගන්න. අපි සාමාන්‍ය විදිහට හිටියොත් ප්‍රේක්ෂකයෝ අපිව උස්සලා තියනවා. 

මම ස්ටේජ් එකේ විතරයි කලාකරුවා. අනිත් තැන්වලදි සාමාන්‍ය මනුස්සයෙක්.."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements