Featured News

Video Gossip

Advertisement

මනාපෙ ඉල්ලාලෙන  නිවෙසට ආ ජන්ද අපේක්ෂකයා පිනවන්න බඩ සුද්ධ වෙන්න විරේකයක් දීලා

පළාත් පාලන මැතිවරණ සටන කල් ඇතිව පටන් ගැනීමට හා හා පුරා නිවසකට ගිය පුංචි මන්ත්‍රී කෙනෙකුට මුහුණදීමට සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳව දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.

සභාවේ සිටි වසර කිහිපයේම මොහු ගමට වැඩක් නොකළ තරම්ය. මේ නිසාම ගම්මු සිටියේ කොයිවෙලාවේ හෝ මෙයට පාඩමක් ඔහුට ඉගැන්වීමටය. මන්ත්‍රීකමෙන් බැබළුණු කෙනෙක් නිසා තනතුර අහිමි වී ගියහොත් ගමේ තැනක් නැතිවෙතැයි යන බිය නිසාම අකමැත්තෙන් වුවත් මෙවර ඡන්දයට ද හේ ඉදිරිපත් විය. ඒ අනුව සිය ගම්මානයෙන් නාමයෝජනා භාර දුන්නේය.
මෙවර සටන ලෙහෙසි පහසු නැති බව ඔහුට තේරුම් ගියේය. මෙදා පාර දිනන්න නම් අර සුළඟ මේ සුළඟ නැති බවද ඔහුට අවබෝධ විය. මේ නිසාම මේ ගේම ලෙහෙසි පහසු ගේමක් නොවන බව සම්බන්ධයෙන් ද අවබෝධ වී තිබිණ. වේලාසනින්ම ගේමට බැසීමට ගෙයක් ගෙයක් ගානේ යාමට ඔහු සිතුවේය. ඒ සඳහා තෝරා ගත්තේ ගියවර ඔහුට හොඳින්ම වැඩකළ නිවසය.

තරමක් රෑ බෝවී මේ පුංචි මන්ත්‍රී මේ නිවසට ගියේය. නිවැසියන් උණුසුම්ව නොවුණත් ඔහුව පිළිගත්තේ අසුන් ගන්න යයි කියමිනි. මට කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරිවුණා. ඒ වාගේම ගමට වැඩක් කර ගන්නට බැරිවුණා යයි ඔහු කියාගෙන වාඩි වූවේය. ගමේ වැඩ ටික ඉවරයක් කරලා දාන්න ඕන නිසාත් පක්ෂයේ බල කිරීම නිසාත් තමා මේ පාරත් ඡන්දය ඉල්ලන්න නාම යෝජනා දුන්නා යයි ඔහු කීවේය. මේ පාරත් ඉතිං මට ඔයගොල්ලන්ගේ සහාය අවශ්‍ය යයිද වැඩි දුරටත් කීය.

මුවින් නොබැන්නත් නිවැසියන් සිටියේ ඔහු සමග තරහින්ය. ඔහුගේ නායකයන් සමග මේ දිනවල ඇතිකර ගෙන තිබූ බද්ධ වෛරයෙනි. නිවසට ආ නිසා මුහුණට මොකුත් නොකියන ලෙස නිවැසියන් සාකච්ඡා කළ අතර මොහුට හීන් නූලේ සිය විරෝධය පළ කිරීමේ සියුම් උපායක් ඔවුහු කල්පනා කළහ. ඒ අනුව අපූරු අදහසක් ඔවුනට පහළ විය. අදහස දුන්නේ නිවසේ සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යාවය.

මන්ත්‍රීතුමා හා හා පුරා අපේ ගෙදරට ආපු එකේ මොනවා හරි බීලා යන්න ඉන්න යයි නිවැසියෝ ඉල්ලා සිටියහ.

ඒ අනුව නිවැසියන් රැගෙන ආ බීම වීදුරුව ඔහු පානය කළේ උගුරට දෙකටය. ඒ තවත් හිතවත් නිවාස කිහිපයකට යාමට තිබූ අවශ්‍යතාව නිසාමය. ගතවූයේ විනාඩි කිහිපයකි. අපේක්ෂක තැනගේ උදරයට අමුත්තක් දැනිණි. බඩ ඇතුළ පෙරළෙනවා මෙන් දැනුණි. ඒ එක්කම තවත් ලොකු අවශ්‍යතාවක් ළඟ ළඟ එනු දැනුණු ඔහු අනෙත් නිවෙස්වලට යාම පසෙකලා සිය නිවසට ගියේය. කඩිමුඩියේ ඔහු නිවසට ගිය අයූරු දුටු නිවැසියන්ට අපේක්ෂකයාට සිය විරෝධය පෑමට යෙදූ උප්පරවැට්ටිය නියමෙට වැඩ කර ඇති බව තේරුම් ගියේය.

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements