Featured News

Video Gossip

Advertisement

බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන් ටී ‌දෙකේ පගාව අතේ මාට්ටු වෙලා

රථවාහන වරදකට අල්ලාගත් ත්‍රිරෝද රථ රියැදුරකුට දඩ කොළයක් ලියා නොදීමට නම්, බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන් ටී දෙකක් ඉල්ලා ලබාගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ත්‍රිරෝද රියේ නීතිඥවරියක සිටීමෙන් කලබලයට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඒ ආහාර පවා ගැනීම ප්‍රතික්ෂේප කර ත්‍රිරෝද රිය ද වහාම මුදාහැර ඒ ස්ථානයෙන් පිටව යෑමේ සිද්ධියක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

නීතිඥවරියක් කුලී ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටියාය. පොලිස් නිලධාරීන් දෙදෙනකු මරදාන ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රිය නැවැත්තුවේ රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ කොළයක් ලියා දීමටය. රියැදුරා පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූයේය.“හරි එහෙනම් තමුසෙට අපි විසඳුමක් දෙන්නම්. ඔය ළඟ තියෙන කඩේට ගිහිල්ලා බනිස් ගෙඩි දෙකකුයි ප්ලේන් ටී දෙකකුයි අරගෙන එනවා. ඒවා ගෙනත් දුන්නට පස්සේ තමුසෙට යන්න පුළුවන්.” පොලිස් නිලධාරියෙක් ත්‍රිරෝද රථ රියැදුරාට කීවේය.

ඒ අනුව රියැදුරා, ළඟ තිබූ කඩයකට පයින්ම දිව ගියේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නියෝගය පිළිපැදීමටය.

රියැදුරුගේ ප්‍රමාදය නිසා ත්‍රිරෝද රථයේ සිටි නීතිඥවරිය බිමට බැස්සාය. ත්‍රිරෝද රියෙන් නීතිඥවරියක බිමට බැස සිටින බව ඇඳ සිටි සාරියෙන් හඳුනාගත් පොලිස් නිලධාරියෙක් වහාම ඇය සිටින ස්ථානයට ගොස් ඇය කවුදැයි විමසා සිටියේය.

ඇය තමා කවුදැයි මෙහිදී පොලිස් නිලධාරියාට හඳුන්වා දුන් අතර, ඒ ප්‍රකාශයෙන් පොලිස් නිලධාරීන්ගේ ඉහ මොළ රත්වී ගියේය.

මෙහිදී කටහඬ අවදි කළ පොලිස් නිලධාරියකු “දැන් ඔබතුමිය යන්නේ කොහොම ද? අන්න අර මිනිහා අර පැත්තට දුවනවා දැක්කා.” යනුවෙන් පැවැසුවේ තරමක් කලබලයෙනි. ඒ ප්‍රකාශය කර ලොකු වේලාවක් ගත වූයේ නැත.

ත්‍රිරෝද රථ රියැදුරා බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන් ටී දෙකක් රැගෙන ඒ ස්ථානයට පැමිණෙමින් සිටියේය. එහිදී කලබලයට පත් පොලිස් නිලධාරියා, “ඕවා මොනවාට ද අයිසෙ අපට. මේ නෝනා අරගෙන යනවා.” යනුවෙන් පැවැසුවේ ඇති වූ ලැජ්ජාව යටපත් කරගනිමිනි.

“ඇයි සර්... මම මේවා ගෙනාවෙ සර්ලා කිව්ව නිසානේ”

ත්‍රිරෝද රථ රියැදුරාගේ උත්තරයෙන් පොලිස් නිලධාරීහු තවත් ලැජ්ජාවට පත්වූහ.

මේ අවස්ථාවේදී රියැදුරා “හරි හරි කමක් නෑ මේවා ගන්නකෝ..” යනුවෙන් පවසා බනිස් ගෙඩි දෙක සහ ප්ලේන් ටී දෙක පොලිස් නිලධාරීන් පැමිණ සිටි මෝටර් රිය ඇතුළට දමා ත්‍රිරෝද රිය පණ ගන්වාගෙන පිටව ගියේ වේගයෙනි.

එසේ යන අවස්ථාවේදී සිදු වූ සියල්ල නීතිඥවරියට සැලකර සිටීමට ද ත්‍රිරෝද රථ රියැදුරා අමතක නොකළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements