Featured News

Video Gossip

Advertisement

බස්රථයකදී හෙදියකගේ පියයුරු අතගෑ පොලිස් ලොක්කාට වෙච්ච ‌දෙයක්

සේවය නිමවා නිවස කරා යමින් සිටී පුහුණුවන හෙද නිළධාරීයකගේ පියයුරු අතගෑ බවට චෝදනා එල්ලවී ඇතිව අලූත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ දොඩන්ගොඩ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා වැඩ තහනමකට ලක්කර ඇතැයි කළුතර උසස් පොලිස් නිළධාරීයෙක් (3) පැවසීය .

දොඩංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙසින් රාජකාරි කල 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකු මෙසේ වැඩ තහනමට ලක්ව ඇත.ඊට අදාල නියෝගය බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත්වී ඇත.

චෝදනා ලැබ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර ඇත.

ඉකුත් 27 දා මගි බස්රථයක ගමන් කරමින් සිටියදී අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ දී කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණු වන හෙදියකගේ පියයුරු අතගෑ බවට ඇය විසින් බසයේදී ලිංගික හිංසනයක් කර බව පැවසීමෙන් පසු මගීන් සහ පුහුණු හෙදියගේ සොහොයුරන් කිහිප දෙනෙක් එක්ව ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා අලුත්ගම පොලිසියට භාරදී තිබේ.

ඒ අනුව අලුත්ගම පොලිස් ස්ථානය මගින් සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .

තුසිත කුමාර ද සිල්වා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements