Featured News

Video Gossip

Advertisement

කංචනගෙන් තවත් හයේ පහරක් 
ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යවයි

රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත.
තවද ඔවුන්ට ඊයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් වනු ඇත.

අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අදාළ නිවේදනයෙන් දැනුම්දී තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements