Featured News

Video Gossip

Advertisement

ඩී එස්ගේ කාලයේ අපි ජීවත් උනා නම් මෙහෙම post එකක් ලියැවෙන්නෙ නෑ - 
අමු තිත්ත කුණුහරුපෙන් බනින්නෙ නැතුව කිය දෙයක් කියන්න
කමල් අද්දරාඅරච්චි මුහුණු පොතේ තැබූ සටහන

අතිශය කෙළිලොල් තරුණයකුගේ ජීවිතය තුළ විවිධ පැතිකඩ නිරෑපණය කරන්නට වරම් ලද ඔහු සැබෑ ජීවිතය තුළ සිය තාරුණ්‍යය ඉක්මවා යමින් සිටියද අදටත් එදා සේම එම තරුණවිය නිරෑපණය කරන්නට තරම් කඩවසම් බව පැවසීම කිසි ලෙසකින්වත් අතිශයෝක්තියක් නොවනු ඇත. 

වේදකාව ටෙලිනාට්‍යය සේම සිනමාව තුළද තම අපූරු රංගන හැකියාව ප්‍රදර්ශනය කළ ඔහු මෙරට ප්‍රේක්ෂකාගාරය අදටත් එක ලෙස ආදරය කරන රංගන ශිල්පී කමල් අද්දරාරච්චි නම් වේ.
සිනමා සහ ටෙලිතිරයේ සදා වියපත් නොවන ප්‍රේමවන්තයා ඔහුයි.

රංගන කටයුතුවලින් මඳක් දෑත් වෙලා හිටියත් කමල් අද්දරාඅරච්චි සමාජ මාධ්‍යවල සක්‍රීය චරිතයක්.

මෑතකදී ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ එක්තරා උපහාසාත්මක ලියවිල්ලකට එන ප්‍රතිචාරවලට ප්‍රතිඋත්තර දීලා තිබුණා. ඒ දීර්ඝ සටහනක් සමඟින්.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

"මම දාන මගේ posts වලින් මාව විවේචනයට ලක් කරන්න ඕනෑ වෙලාවක විවෘතයි (අමු තිත්ත කුණුහරුපෙන් බනින්නෙ නැතුව).

යමෙක් පවසනවා නම් මා ගැනත් අනෙක් කලාකරුවන් ගැනත් මිනිසුන් තක්සේරු කරන්නෙ මා දමන posts වලින් කියලා, ඒකත් හරිය අන්ධයො ටිකක් අලියගේ එක් එක් අවයව අල්ලලා අලියගේ හැඩේ මේ වගේ කියනවා වගේ වැඩක්.
ඉතිං මේක මගේ එකම post එකවත් එයින් මුළු කලා සංහතියම නියෝජනය වෙන්නෙවත් නෑ කියන එකත් කියන්න ඕන.
ඒ වගේම මේ post එක භූමිය පාදක කරගෙන කියපු දෙයක් හැටියට කරන ප්‍රකාශනයක් නොවේ කියන එකත් යමෙක් තේරුම් ගන්න ඕන. මේ post එක දැං අපේ මේ කාලය පාදක කරගෙන තවත් කෙනෙක් ලියූ දෙයක් ලෙස කරුණාකර වටහාගන්නවා නම් ඉතා හොඳයි. මොකද, ඩී එස්ගේ කාලයේ අපි ජීවත් උනා නම් මෙහෙම post එකක් ලියැවෙන්නෙ නෑ! ආන්න ඒකයි!
මේක කාලෝචිත උපහාසාත්මක ලියවිල්ලක්. ඒකේ තියෙන්නේ එක්තරා පරිකල්පනයක්. ඒ වගේම ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්නෙ කවුද කියලා දැං කල්පනා කරලා බලන්න ඕනෙ වෙනවා මේක ජාතියටම අපහාසයක් වෙනවයි කියලා කෙනෙක් හිතනවා නම්!

රටේ ජනතාවගේ අභිමානය, චෛතසික මට්ටම ඉහලට දාන ඒවා දැං නම් කරන්නේ පාලකයෝ. ඒ සමෘද්ධිය දීලා, ඡන්දකාලෙට සෙවිලි තහඩු, පිස්පෝච්චි දීලා. ඉතිං අපි නෙවෙයි. අපි කරන්නේ ඔය පිස්පෝච්චි උඩ තියෙන අභිමානය උඩ ඉදං ඉන්න අයට එවායින් නැගිටලා එන්න කියලා අභිමානය උඩ වසුරු හලන්නෙ නැතුව! මෙතන අභිමානය ගැන හිතන්න සලස්වන හෝ උසස් ලෙස හිතන්න සලස්වන විදිය ටිකක් විතර තිත්තයි ඒත් බලනකොට එතැන ඇත්තක් නෑ කියලා කියලා කියන්න බැරි තරමට හාස්‍යජනකයි. ඒක තේරුම්ගන්න පුළුවන් සෑහෙන දෙනෙක් මෙතන ඉන්න එක ගැන මට සතුටුයි. මං මේ උත්තරේ එයාට ලියනවට වඩා ලිව්වේ ආන්න ඒ අවබොධය ඇති අයටයි! "

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements