Advertisement

තාත්ත ලෙඩ ඇදේ ඔයා අලුත් පෙම්වතා එක්ක ජෝගි...අනේ මන්ද
රසිකයකුගේ කතාවට මාධවීගෙන් සැර පිළිතුරක්‍

මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක්.

මාධවී - කසුන් ආදර කතාව ගැන මේ වෙද්දි නොදන්න කෙනෙක් නැති තරම්. ආදර කතාව ගැන යළි කතා කරන්න පටන් ගත්තෙ ඇය සිය පශ්චාත් උපාධි සිහිනය සැබෑකර ගැනීමත් එක්ක. මොකද ඊට ඇගේ පෙම්වතා කසුන් ද පැමිණ සිටි අයුරු දකින්න ලැබීමත් ඔවුන් දෙදෙනාගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එකතු කිරීමත් එක්ක යළි ඒ කතාව අලුත් වුණා. එහෙම එකතු කළ එක් ඡායාරූපයකට මෙවැනි ප්‍රතිචාරයක් ලැබී තිබුණා.
"තාත්ත ලෙඩ ඇදේ ඔයා අලුත් පෙම්වතා එක්ක ජෝගි...අනේ මන්ද "

ඊට මාධවී දක්වා තිබුණේ මෙවැනි ප්‍රතිචාරයක්.

"පශ්චාත් උපාධි උත්සවයක් ඔබට ජෝගියක් කියන්නෙ ඔයාට ඒකෙ වටිනාකමක් තේරෙන්නෙ නැති නිසා වෙන්න ඇති. ඒත් අපි ඒ අවංක මහන්සියේ ප්‍රතිඵල බොහෝම සතුටින් සමරනවා. අපි කිව්වෙ අප්පච්චි ඇතුළුව...."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements