Featured News

Video Gossip

Advertisement

සුදු චූටි කසාද බැදල එංගලන්තයේ පදිංචියට ගිහින්ද?  සෙනාලි ෆොන්සේකා සියල්ල ‌හෙලි කරයි

ෆොන්සේකා පරපුරෙන් රංගනයට එකතු වූ සෙනාලි ෆොන්සේකා මෑත කාලයේ ජනතාවට ඉතාම සමීප වූයේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සුදු චූටිගේ චරිතය හරහායි.

නාඩගම්කාරයෝ හි සුදු චූටි කෙතරම් ජනප්‍රියද වූවාද කියනවා නම් මේ ටෙලි නාට්‍යය විකාශනය වුණ අවුරුද්දේ ඇය ජනප්‍රිය නිළිය බවටත් පත්වෙනව.

එංගලන්තයේ ජීවත් වන නිසා නිරන්තරයෙන් රංගනය තුළ ඇයව දකින්න ලැබෙන්නේ නැහැ. හිටිහැටියේම ලංකාව දාල ගිය සෙනාලි ගැන පසුගිය කාලයේ විවිධ කතා පැතිරෙන්න පටන්ගත්තා. ඔන්න දැන් ආයෙමත් සෙනාලි ලංකාවට ඇවිත්.විවාහ ගිවිසගෙන තිබෙන බවයි. ඇය නැවත එංගලන්තයේ පදිංචියට යන බවද පැවසිණි.කෙසේනමුත් ඒ ආරංචිය ඉක්මණින්ම අහවරවූයේ සෙනාලි ඉන් පසු ඒ ගැන කිසිවක් නොකීම නිසාය. ඇය මේ ගැන සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙසේය.

"මගේ මූණටම ඔය කතාව අහපු අය ඉන්නවා. ඒ හැමෝටම කියන්නේ මම බැන්ඳේ නැහැ කියලා. මොන කටකතා පැතිරුණත් තවම මම බැන්ඳේ නැහැ.

මම විවාහය දකින්නේ හරිම බැරෑරුම් දෙයක් විදියට. ඒ නිසා ආවට ගියාට විවාහය සම්බන්ධ තීරණ ගන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් දික්කසාදය ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එකට ජීවත් වෙන්න බැරිනම් වෙන් වෙන එක වෙනයි. නමුත් දැන දැන ඒ දේට යන්නේ නැහැ.

ඒ නිසාම මම විවාහ වෙනවා නම් ගොඩක් හිතලා බලලා මගේ ඉදිරි අවුරුදු ගණනාව ඔහු එක්ක ජිවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක ගැන හිතලා විවාහ ගිවිස ගන්න කෙනෙක්."

සමාජ මාධ්‍යය තුළ සෙනාලි විවාහ ගිවිසගෙන නැවත එංගලන්තයට පදිංචියට ගියා කියල තිබ්බා. එහි ඇත්තක් තියෙනවා ද?

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements