Featured News

Video Gossip

Advertisement

ඩොලර් මිලියන 250ක අල්ලසක්  Xpress-Perl වන්දිය වෙනුවට අරන් -  මුදල් බ්‍රිතාන්‍ය බැංකුවක

ශ්‍රී ලංකා මුහුදු සීමාව දී 2021 ජූනී මාසයේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව අයත් සමාගම විසින් මෙරටට ගෙවිය යුතු වන්දිය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියදී කිසියම් පාර්ශවයක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගෙන ඇති බව තමන්ට තොරතුරු දැන ගන්නට ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම මුදල් බ්‍රිතාන්‍යයේ ඇති බැංකු ගිණුමකට බැර වී ඇති බවද ඇමතිවරයා සඳහන් කරන්නේ අයිලන්ඩ් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙම තොරතුරු සම්බන්ධයෙන් සොයා බලන ලෙස අකරණ අමාත්‍යවරයා පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

එම මුහුදු අනතුර හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සඳහා මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරමින් සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements