Advertisement

මැතිවරණයක් ඕනෑ නෑ කියා කියනවානම් 
මෙහෙම රටක ඉන්නවට වඩා හොඳයි බෝට්ටුවකින් හරි පැනලා යනවා 

‘අපේ රටේ කාලා ඇඳලා ඉන්න මැතිවරණයක් ඕනෑ නෑ කියා කියනවානම් මෙහෙම රටක ඉන්නවට වඩා හොඳයි බෝට්ටුවකින් හරි පැනලා යනවා’ යැයි පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

නව සීමා නිර්ණ වාර්තාව බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

නව සීමා නිර්ඛ අනුව පළාත් පාලන ආයතන සභිකයින් 4714 දෙනෙකු තෝරා ගැනීමට නියමිත අතර දැනට එම සංඛ්‍යාව 8356ක් වන අතර මෙම ගණන ඉදිරියේ දී වෙනස් විය හැකි බවත් ඊට හේතු වී ඇත්තේ තේරී පත් වන අපේක්ෂකයන් ගණන මැතිවරණ කොමිසන් සභාව විසින් තීරණය කරන නිසා බවත් හෙතෙම කීය.

මෙම සීමා නිර්ණ වාර්තා මඟින් දැනට නාම යෝජනා භාරදී ඇති පළාත් පාලන මැතිවරණයට බාධාවක් සිදු නොවන බවත් මැතිවරණය පැවැත්වීම හෝ නොපැවත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් සැප්තැම්බර් 15 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements