Featured News

Video Gossip

Advertisement

ආත්ම ගරුත්වය වෙනුවෙන් මගේ ආසම රස්සාව මම අත් හැරියා
ලිංගික අල්ලස් ඉල්ලන ITN ලොක්කා නිසා නිවේදිකාවක් ඉල්ලා අස් වෙයි.

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර සිය රැකියාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ එම ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් මතයි.
ඇය පවසන්නේ මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ස්වාධීන රූපවාහිනී සේවයේ පාලනාධිකාරිය සාක්ෂි සහිතවම දැනුවත් කිරීමට කටයුතු කළද ආයතන ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉෂාරා දේවේන්ද්‍ර තැබූ ෆේස්බුක් සටහන පහතින්,
//මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම ගරුත්වය වෙනුවෙන්..
මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.
නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා....
2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක.
මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන.
මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.
නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා...
මම මේ ගැන සාක්ශි එක්ක audio video recording එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.
TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..
කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.
මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි , මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්.
ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..
"ඉෂාරා දේවේන්ද්‍ර" වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට ඔබට ස්තූතියි....


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements