Advertisement

හිසතෙල් ගෑමේ චාරිත්‍රය සහ නානු නිවැරදිව සාදා ගන්නා ආකාරය

මෙවර හිසතෙල් ගෑමේ නැකැත් වේලාව සඳහන්ව ඇත්තේ අප්‍රේල් මස 16 වැනි ඉරුදින පූර්ව භාග 09.41ට දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද, පයට නුග පත්ද තබා රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ඔෟෂධීය නානු මිශ්‍ර තෙල්, ඇඹුල් ගා ස්නානය කිරීම මැනවි යැයි ජේ‍යාතිෂවේදීන් හා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. ජාතියක් වශයෙන් එකම වේලාවකදී එකට ආහාර පිස, එකට ආහාර අනුභව කොට ඊළඟට සිදු කෙරෙන්නේ හිස තෙල් ගෑමේ මහෝත්සවය සඳහා සහභාගි වීමයි.ඒ සඳහා මෙවර ගම්පහ සිද්ධායුර්වේද රසායන ඔෟෂධ සමාගම මඟින් ඉතා වටිනා නානු මිශ්‍රණයක් අඩංගු පැකට්ටුවක් ජාතිය වෙතට ‘මව්බිම’ පුවත්පත මඟින් තිළිණ කිරීමට කටයුතු සකස් කර ඇත. මෙම නානු මිශ්‍රණය ඉඹුල් කොළ යුෂෙන් සහ නීල්‍යාදි තෛලය, නිෂාදී තෛලය හෝ තලතෙල් වැනි තෙලක් මිශ්‍ර කර හිසේ ආලේප කිරීම ඉතාමත් සුදුසුය. මෙවර අවුරුදු උදාවේ පෙන්වාදී ඇති සුබ මොහොත වන වර්ෂ 2023ක් වූ අප්‍රේල් මස 16 වැනි ඉරු දින පූර්ව භාග 09.41 හෝරාවෙන් කරනු ලබන හිසතෙල් ගෑම හේතුකොටගෙන ඇතිවන නිදුක් නිරෝගීභාවය තුළින් රටට සාමය උදාකර ගැනීමටත් ජාතියට ඥානය පහළ වීමත් සිදු වේවායි ගම්පහ සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගමේ කොටස්හි වෛද්‍ය ප්‍රජාව, වර්තමාන අධ්‍යක්‍ෂ මණ්ඩලයද සේවක සේවිකාවන්ද ඉත සිතින් ප්‍රාර්ථනා කරනු ලබයි.

ඔෟෂධීය නානු පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය –

කලාඳුරු අල, සැවැන්දරා මුල්, වෙනිවැල්ගැට, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්ති, සස්සඳ මුල්, නස්නාරං මුල්, නෙළුම් දඬු, බෙලි මුල්, ඊතන, කුංකුමප්පු, ගෝරෝචන, ඉරිවේරිය, ගොඩ මානෙල් අල.

සාදා ගන්නා ආකාරය –

මෙම මිශ්‍රණය නීල්‍යාදී තෛලය, නිෂාදී තෛලය හෝ තලතෙල් වැනි තෙලක් මිශ්‍ර කර හිස ගල්වනු මැනවි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements