Featured News

Video Gossip

Advertisement

මම විවාහ වුනේ ගෙදරට හොරෙන්  
මම මවුපියන් අඬවලා ගත්ත තීරණය ගැන අද දුක් වෙනවා

කාලයක් පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුනු ඇය දැන් අම්මා කෙනෙක්. ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරියක්. වසර ගණනාවක් ගනනාවක් ගතවුනත් තාමත් පුංචි තිරයේ සුදු නංගි ඇයයි.

කොයි කවුරුත් ඈට ආදරේට කතා කරන්නේ සුදු සුදුු නංගි කියලා.තමන් රංගනයෙන් දායකත්වය දැක්වූ ටෙලි නාට්‍යයක චරිත නමකින් අදටත් කෙනෙක්ව හඳුන්වනවා කියන්නේ ඇය හෝ ඔහු ඒ චරිතයට ඉහළම සාධාරණත්වයක් ඉෂ්ඨ කරා කියන දේයි.

ඉතින් මේ විදිහට හැමෝගෙම හදවතේ ඉන්න සුදු නංගි තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි අයෝමි ශානිකා.ඇය වර්තමානයේ නම් ශ්‍රී ලංකාවේ කලාවත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. 

මේ වෙද්දි සුදු නංගී ඉන්නේ විදෙස්ගත වෙලා ඇය එංගලන්තයේ තමයි ජීවත් වෙන්නේ. ලංකාවේදී ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට වැඩ කටයුතු කරපු ඇය එංගලන්තයට යන්නේ සෞඛ්‍ය සේවයේ රැකියාවක් සඳහා

අයෝමි ජනප්‍රියම කාලෙදි තමයි විවාහයක් කර ගන්නේ. හැබැයි ඒ විවාහය කරගන්න ඇය ගෙදරට හොරෙන්.wedding එක ගන්න කම් ගෙදර අය දැනගෙන ඉඳලා නෑ ඇය මේ විදියට කසාද බැන්දා වත් කියලා. ඉතින් ඒ අතීතය ගැන අයෝමි ප්‍රථම වරට මාධ්‍යට කියපු කතාව තමයි මේ.

“එයාගේ ගෙවල් වලින් එන්න කියලා අන්තිමට අපිට කැමැත්ත දුන්නා.හැබැයි ඊට පස්සේ හඳහන් ගැලපෙන්නේ නෑ කියලා සම්බන්දය නතර කරන්න කිව්වා.හැබැයි ඒ වෙද්දි මම චින්තකට වචනයක් දීලා තියන නිසා මට ඒක අතාරින්න බැරි වුණා.කලින් අකමැති වුනා නම් මට මොකක් හරි හිතන්න තිබ්බා.

අපි හොරෙන් register වුණා වුණා චින්තකගේ මවුපියන් දන්නවා ඒ ගැන. එයාගේ තාත්තා කිව්වා දුවේ ඔයා තව අම්මා කෙනෙක් අඬවලා ගත්ත තීරණයක් මේක ඒ නිසා ඔයාලට ආශිර්වාද කරනවා විවාහ මංගල්‍යයට නං අපි එන්නෙ නෑ කියලා. තරහ වෙන්න එපා කියලා කිව්වා. wedding එක මාධ්‍යයෙන් යද්දි තමයි ගෙදරින් දන්නේ.එදා මම මවුපියන් අඬවලා ගත්ත තීරණය ගැන අද දුක් වෙනවා”

ඉතින් ඇයගේ අතිශයින්ම පෞද්ගලික කතාවක් ගැන අයෝමි ශානිකා ඒ විදිහට තමයි එක්තරා අවස්ථාවකදී පුවත්පත් සාකච්ඡාවක් අතරතුර අදහස් හුවමාරු කරගෙන තිබුණේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements