Advertisement

සිමෙන්ති, වානේ සහනයක් පාරිභෝගිකයින්ට කවදා ලැබෙයිද?
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය අඩු වීමක්?


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය පහුගිය දවස් වල සෑහෙන්න වැඩි වුණ එක අපි හැමෝම දන්න කාරණයක්. ඩොලර් එකේ අගය අහස උසට යනකොට හද හද හිටපු ගෙදරට, හදන්න හිටපු ගොඩනැගිල්ලට මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ ගොඩක් අයගෙ ඔලුවෙ තිබුණා. මොකද සිමෙන්ති, වානෙ තිබුණ ගණන් වලට වඩා තුන් ගුණයකින් විතර වැඩි වුණා. අද අඩු වෙයිද හෙට අඩු වෙයිද කිය කිය සමහර අය බලන් ඉන්නකොට ගොඩක් අයගෙ මතය වුණේ ආයෙ කාලයක් යනකන් ඉදිකිරීම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය අඩු වෙන එකක් නෑ කියන එකයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය වැඩි වීම ටිකෙන් ටික සිද්දවෙච්ච දෙයක් නම් නෙවෙයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය අතරින් වැඩිපුරම අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය දෙකක් තමයි සිමෙන්ති සහ වානේ කියන්නෙ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිමෙන්ති සහ වානේ මුළු ඉදිකිරීම් පිරිවැයෙන් 25% කට දායක වෙනවා. පහුගිය දවස් වල සිමෙන්ති මිල 2.68 ගුණයකිනුත්, වානේ මිල 2.54 ගුණයකිනුත් වැඩි කරලා තිබුණා. ඒක පාරිභෝගිකයින්ට දරන්න බැරි කාරණයක්.

හැබැයි පාරිභෝගිකයින්ට සහනයක් තිබුන එකම අමුද්‍රව්‍ය තමයි ඇලුමිනියම් කියලා කියන්නෙ. මොකද ඇලුමිනියම් මිල වැඩිවෙලා තියෙන්නෙ 1.61 ගුණයකින් විතරයි. ඒ විදිහට බැලුවම අනිත් අමුද්‍රව්‍ය වලට සාපේක්ෂව ඇලුමිනියම් මිල වැඩි නොවුණ තරම්. ඒ විතරක් නෙවෙයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේදි ඇලුමිනියම් භාවිතා වෙන්නෙ 5% වගේ පොඩි ප්‍රතිශතයකින්.

වෙළදපොලේ තියෙන ඇලුමිනියම් වලින් quality ඇලුමිනියම් තීරණය වෙන්නෙ ඒ ඇලුමිනියම් වල තියෙන වානේ ප්‍රතිශතය අඩු වීම මතයි. මේ දෙය ගොඩක් අය නොදන්න කාරණයක්. හොඳ ඇලුමිනියම් නම් ඒකෙ වානේ ප්‍රතිශතය අඩු වීම කියන කාරණය ගොඩක් වැදගත්. ඉතින් සමහර ඇලුමිනියම් නිෂ්පාදන ආයතන වානේ වැඩියෙන් ඇලුමිනියම් වලට එකතු කරලා ඒවා අඩු මිලට පාරිභෝගිකයන්ට විකුණනවා. ඉතින් ඇලුමිනියම් මිලදී ගන්නකොට වානේ ප්‍රතිශතය අඩු quality එක තහවුරු කරපු ඇලුමිනියම් මිලදී ගන්නත් සැලකිලිමත් වෙන්න ඕන.

කර්මාන්ත ක්ෂේත්‍රයේ හැම ඉදිකිරීම් ද්‍රව්‍යකම මිල සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් තුන්ගුණයක් විතර වැඩි වෙලා තිබුණත් ඇලුමිනියම් මිල ඒ විදිහට වැඩි වෙලා නැති එක පාරිභෝගිකයින්ට ලොකු සහනයක්. කර්මාන්ත ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය වැඩි වෙලා තියෙන විදිහ ගැන බැලුවම ඇලුමිනියම් මිල මංදගාමීව වැඩි වීම හරිම සාමාන්‍යයි. පිරිවැයට සාපේක්ෂව බැලුවම ඇලුමිනියම් ක්ෂේත්‍රයේ මිල වැඩි නොවීම කැපී පෙනන කාරණයක් විදිහට සලකන්න පුළුවන්.

ඩොලර් අඩු වැඩි වීම් එක්ක සිමෙන්ති, වානේ ලොකූ ප්‍රමාණයකින් තමන්ගෙ මිල ගණන් වැඩි කරත් ඇලුමිනියම් වගේ සාදාරණ ගණන් වලට තවමත් මිල අඩු වීමක් වුණේ නැහැ. ඇලුමිනියම් මිල වගේම සිමෙන්ති සහ වානේ මිලත් අඩු කරනවා නම් ඒක පාරිභෝගිකයින්ට ලොකු සහනයක් වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements