Featured News

Video Gossip

Advertisement

ජය ශ්‍රී ල ගේ ‘රුවිතේ’ සිකුරා හවස එළිදකී 

ජය ශ්‍රී ලා ඩයමන්ඩ් ගැන රුවිතේ ගැන විවිධාකාර කතා පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පළකරලා තිබුණා. මේ රුවිත කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියන එක ජය ශ්‍රී එයාලගේ ෆේස්බුක් ලයිව් එකකින් හෙළිදරව් කරලා තියෙනවා. හැබැයි, මේක ඩයමන්ඩ් ගැන කතාවක් එහෙම නෙමෙයි. 

ජය ශ්‍රී ලා ගේ අලුත්ම සිංදුව ගැන කතාවක්. එයාලා මේ සිංදුව නම් කරලා තියෙන්නේ, ‘රුවිතේ’ නමින්. මේ ගැන ජය ශ්‍රී රෝහිත කියන්නේ, 

‘ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්. 

ඉතිං. දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන්, අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි කියලා. 

ඒවගේම මේක එන්නේ, ජූලි 28 වෙනිදා. ලංකාවේ වෙලාවෙන් 5 ට තමයි රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මතුවෙන්න - රුවිතේ.‘ කියලයි. 

ප්‍රසංග වේදිකාව තුළ කාලෙන් කාලෙට අලුත් දේවල් කරපු ජය ශ්‍රී ලා මෙදාපාර කරන්න යන වැඩේ සංගීතයට ආදරේ කරන රසිකයින්ට අලුත්ම අත්දැකීමක් වෙයි කියලා තමයි ජය ශ්‍රී ලා කියන්නේ. 

ලංකාවේ තියෙන ආකර්ශණීය ලස්සන තැන් වලට ගිහිල්ලා මේ ගීතය පටිගත කරලා තියෙන නිසා මේ ගීතයේ විෂුවල් එක බොහොම සුන්දර වේවි කියලයි ඔවුන් කියන්නේ. 

මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වන රෝහිත කියන්නේ, 

‘අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ‘ කියලා.  

අමතක නොකර මේ සිකුරාදා හවස් වෙද්දී ජය ශ්‍රී යූ ටියුබ් එකට සෙට් වෙන්න


https://www.youtube.com/watch?v=l6g1_gleDQo




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements