Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි නිලියන් පහක් එක්ක ඔසි ගිහින් - නම් ගම් සහිතව හෙලි කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සමඟ රංගන ශිල්පිනියන් පස්දෙනෙ 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ගොස් ඇති බව මගෙන් රටට සංවිධානය සඳහන් කරයි.

එහි සභාපති සංජය මහවත්ත මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි.

එම පැමිණිල්ල දැමීමෙන් පසු තමන් ඇතුළු කණ්ඩායමට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලද නමුදු අද වන තුරු එම නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැතැයිද පැවසීය.තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කෙළේ නිළියන් තුන්දෙනෙකු ක්‍රිකට් සභාපතිවරයා ගෙන ගිය බව සදහන් කරමින් වුවද අද විගණකාධිපති වාර්තාව අනුව හෙළි වී ඇත්තේ නිළියන් තුනක් නොව පස් දෙනෙකු බවද හෙතෙම සඳහන් කළේය.

අදාල නිලියන් පස්් දෙනාම ගැනම නම් ගම් සහිතව තමන් පැමිණිලි කර ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements