Featured News

Video Gossip

Advertisement

ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්..? 
දේශපාලන බලපෑම් එල්ල වුවහොත්ලෝ ක කුසලානය තරගාවලිය අහිමිවීමේ අවදානමක්…?  ආණ්ඩු විරෝධී කුමන්ත්‍රයක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් දේශපාලන බලපෑම් එල්ල වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු (ICC) විපක්ෂයේ ප්‍රධානියකු වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් හෙට (24) දිනයේ පැවැත්වීමට නියමිත සභාව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයා කළ විමසීමකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු එම දැනුම්දීම සිදුකර පැවසේ.ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමේ සුදානමක් ඇතිබව දැනගන්නට ඇතැයි පවසා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි තත්වයක් මතුවුවහොත් ජාත්‍යන්ත ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතිබව ලංකාවේ බලධාරීන්ට මේවනවිටත් දැනුම්දී ඇති බවයි.

එවැනි තත්වයක් මතුවුවහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවනු ඇති බව ද එම ප්‍රකාශකයා අවධාරණය කර ඇතැයි ද පැවසේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකුගේ අනුදැනුම ඇතිව සමගි ජනබල වේගය ඇතුලුව විපක්ෂයේ පිරිසක් විසින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රයක් දියත් කිරීමේ වැඩපිලිවෙලකට සංවිධානය වෙමින් සිටින බව වාර්තාවේ.

ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවෙත දේශපාලන අතපෙවීමක් ඇතැයි පෙන්වමින්
ශ්‍රී ලංකි ක්‍රිකට් සදහා ICC වාරණයක් ලබා ගෙන ආණ්ඩුවවෙත ජනතා අප්‍රසාදයක් ගෙන ඒම මොවුගේ අරමුණ බව ගොසිප්99 වෙත වාර්තාවේයි.

ජාත්‍යන්තරව නමක් දිනාගත් ක්‍රීඩකයන්ගේ යම් යම් ඇසැබි දර්ශන සමාජ ජාලා වෙත මුදාහරිමින් ශ්‍රීලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තරව යම් අප්‍රසාදයක් එක් කිරීම එම කුමන්ත්‍රණයේ එක්  පැතිකඩක් බව එම වාර්තාවල වැඩි දුරටත් සදහන් වෙයි.
.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements