Featured News

Video Gossip

Advertisement

ජනපති පාර්ලිමේන්තුව විසුරුවන්න යයි

2024 අය-වැය විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයක් පරාජය කිරීමට කටයුතු කරනු ලැබුවොත් අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙවැනි වර කියැවීමේදී අයවැය පරාජයට පත් නොකර කාරක සභා අවස්ථාවේ අයවැයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කළහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමින් සිටින සිටින බවය.විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට යම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු පිරිසක් රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

පොදුජන පෙරමුණේ ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් හා අමාත්‍යධූර දරන කිහිපදෙනෙකු අතර යම් යම් මත ගැටුම් පවතන නිසා මෙම සූදානම ඇතිවී තිබේ.

2024 සඳහා වන අයවැය නොවැම්බර 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements