Featured News

Video Gossip

Advertisement

ලංකාවට කුණු මාළු තොගයක් එයි - කන්ටේනර් 04ක් 'මිසින්' වෙලා -  වගකිව යුත්තෝ බබා වෙයි

සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98ක් කාබනික පොහොර සෑදීමට බව කියමින් මෙරටට ගොඩ බා ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී ඇත.

එම නෞකාව මෙරටට ගෙන ඒමට කටයුතු කළ මෙරට නියෝජිතයා සතු ව සැමන් කර්මාන්ත ශාලාවක් පවතින බවත් නෞකාවේ තිබු නරක් වූ මාළු අඩංගු බහාලුම් 04කට සිදු වූ දෙයක් නොමැති බවත් එහි දී වැඩිදුරටත් හෙළි වී තිබේ.
නෞකාවට වරයේ ගොඩ බෑම සඳහා බලපත්‍රයක් ලබා දී ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ආනයන අපනයන පාලක ජනරාල් ටී.ටී.උපුල්මලී ප්‍රේමතිලක පැවසුවේ, මෙම බලපත්‍රය මත්ස්‍ය අපද්‍රව්‍ය සඳහා නිකුත් කර ඇති බවයි.

මාර්තු 05 වැනි දා මීට අදාළ සියලු රාජ්‍ය ආයතන කැඳවා මේ පිළිබඳ වැඩිදුරටත් සොයාබලන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements