Featured News

Video Gossip

Advertisement

කෝටි 500 ක් ගිල්ල නිලමේ සහ නිළිය රිමාන්ඩ්

වැඩි පොලියක් ලබාදෙන බවට පවසා රජරට හුරුළු ව්‍යාපාරයේ ගොවි ජනතාව රවටා ‘ට්‍රේඩ්වින්’ නමැති පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500 කට අධික මුදලක් වංචා කළ බව කියන බස්නායක නිලමේ නමින් හඳුන්වාගත් පුද්ගලයා සහ නවක රංගන ශිල්පිණියක කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගලෙන්බිඳුණුවැව පදිංචි තරිඳු ඉරෝෂන් වීරසේකර (39) නමැත්තා සහ එගොඩගෙදර චමිලා ප්‍රියදර්ශනී (39) යන දෙදෙනාය.

එම කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව සැකකාර බස්නායක නිලමේ නැමැත්තා නවක නිළිය සමඟ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වංචා කළ මුදල්වලින් අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, මාතලේ සහ කඩවත ප්‍රදේශවලින් ඉඩම් සහ නිවාස මිලදී ගෙන ඇතැයි හෙළිවූ බවද එම කොට්ඨාසය පවසයි.

‘ට්‍රේඩ්වින්’ නැමැති පිරමීඩ මූල්‍ය ආයතනයක් හරහා සැකකරු සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් පොලිසියට ලැබී තිබිණි.chamila priyadarshani

ඔහුගේ ආයතනයේ මුදල් ආයෝජනය කළ පුද්ගලයෝ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පසුගිය 11 වැනිදා ගලෙන්බිඳුණුවැව නගරයේදී උද්ඝෝෂණයකද නිරත වූහ.

දහසකට අධික පිරිසකගෙන් මුදල් ලබාගෙන මාස ගණනාවක් මූල්‍ය ආයතනය වසා දමා තිබූ අතර, ගලෙන්බිඳුණුවැව, අස්සයාබැඳිවැව ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබිණි.

මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේ තනතුරක් දැරූ බවට සැකකරු ප්‍රදේශවාසීන්ට පවසා ඇති අතර ඒ හේතුවෙන් තමා බස්නායක නිලමේ ලෙසින් හඳුන්වා දෙමින් මෙම මුදල් වංචා සිදුකර ඇතැයි හෙළිවූ බවද එම කොට්ඨාසය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements