Featured News

Video Gossip

Advertisement

ආදරවන්තයන් යා යුතුම ආදරණීය සංචාරය ස්ථානය ආදර කන්ද 

සංචාර කරන්න කැමැති ඔයාට අද කියන්නේ යන්නේ ආදරණීය සංචාරයක ස්ථානයක් ගැනයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි හරි අපූරු සංචාරක ස්ථානයක් වන පරවියන් ගල හෙවත් ආදර කන්ද ගැන. ක්ෂණිකව වෙනස් වන හරි අපූරු දේශගුණයක් පවතින ආදර කන්දේ කතාව සංචාරයට ප්‍රියකරන ඔයාට ගොඩක් වැදගත් වේවි. රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය ප්‍රදේශයේ තමයි මේ සොදුරු සංචාරක ස්ථානය පිහිටා තිබෙන්නේ. මේ කන්දට සමීපයෙන් සබරගමු විශ්වවිද්‍යාලය වගේම සමනල වැව පිහිටා තිබෙනවා.

මේ පරවියන් ගලට ආදර කන්ද කියලත් කියනවා. නමුත් පරවියන් ගලට මේ අපූරු නම ලබා දී තිබෙන්නෙත් සබරගමු විශ්වවිද්‍යාල සිසුන් කියලා තමයි දැනගන්න ලැබුණේ. මොකද පේරාදෙණි විශ්වවිද්‍යාල සිසුන්ට හන්තාන කන්ද වගේ සබරගමු විශ්වවිද්‍යාල සිසුන්ට මේ ආදර කන්ද හරිම සමීපයි.මේ පරවියන් ගල කළුපහන ක¾දු පන්තියට අයත් වන තවත් එක කන්දක් ලෙස තමයි සලකන්නේ. ඒ වගේම මීටර් 1500ක් උස මේ ක¾දු වැටිය එම ක¾දු පන්තියේ ඇති උසම කන්ද ලෙස සැලකෙනවා.

මේ කන්ද තරණය කරන්න යෑම තරමක් අසීරු ගමනක් වුණත් ඒක හරිම රසවත් ගමනක්. මොකද හරිම අපූරු අත්දැකීම් ගොන්නක් මේ සංචාරයේදී ඔබට එකතු කර ගන්න පුළුවන්. කන්දට යන පාරේ ගම පහු කරගෙන ඇවිදගෙන යන විට කුඩා ඔයක් හමු වෙනවා. අඩි 10-15ක් පමණ පළලින් යුත් මේ කුඩා ඔය තරණය කළාට පස්සේ තමයි කන්දේ නැග්ම ආරම්භ වෙන්නේ. ඒ වගේම ක¾දු තරණයේදී සමතලා බිම් කිහිපයකුත් ඔබට හමු වෙනවා. එම බිම්වල කූඩාරම් ගසාගෙන වුණත් ඔබට රාත්‍රිය ගත කරන්න පුළුවන්.

කන්ද නඟින්න තිබෙන්නේ කුඩා අඩි පාරකින්. ඒ වගේම විශාල ෆයිනස් යායක් මැදින් තමයි ඔබට මේ කන්ද තරණය කරන්න සිදුවෙන්නේ. ඒ වගේම කන්දේ ඇතැම් තැන්වල කුඩා වනාන්තර පවා දැක ගන්න පුළුවන්. මහා ගස් සහිත කොටස අවසන් වෙලා මිටි මානා ප¾දුරු සහිත පරිසරයක් දැක ගන්න ලැබෙනවා. කන්දේ ඉහළ කොටසට යන විට නම් සිත සනසන සුළං පහරක පහස විඳින්න ඔබටත් පුළුවන්. ඒ වගේම හරිම අපූරුවට සොබාදහමේ පහස, රසය ඔයාටත් මේ බිමේදී විඳින්නට ලැබෙනවා.

කන්දේ ඉහළම කොටසට සේන්දු වුණොත් සබරගමු පළාතේ ඉතා විශාල ප්‍රදේශයක් ඔබට දැක ගන්න පුළුවන්. සබරගමු විශ්වවිද්‍යාලය, සමනල වැව, චන්ද්‍රිකා වැව ඒ අතරින් කිහිපයක්.

ඉතින් ආදර කන්දේ සංචාරයට ගියොත් ඔබට සුවිශේෂී අත්දැකීම් රැසක් එකතු කරගන්න පුළුවන් බව මම මුලින්ම පැවැසුවානේ. නමුත් මෙවැනි ස්ථානයන් නැරඹීමට යෑමේදී එහි අවදානම පිළිබඳවත් විශේෂයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. තම ආරක්ෂාව සලසා ගනිමින් මේ සුන්දර ස්ථානයන්හි සුන්දරත්වයත් ආරක්ෂා කරමින් සංචාරයේ නිරත වෙන්න කියලා ආදර කන්ද සංචාරය කරන්න යන කාටත් ආදරයෙන් මතක් කරනවා.

ජීවන්ති චන්ද්‍රසිරි - mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements