Featured News

Video Gossip

Advertisement

බෙලිඅත්තේ ඝාතකයන් දෙදෙනා ඇතුළු 13ක් ඩුබායිහිදී අත්අඩංගුවට

පසුගිය දා බෙලිඅත්තේ සිදුවූ පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා සහ තවත් අපරාධකරුවන් ඇතුළු 13 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් ඊයේ (පෙබ. 21) ඩුබායිහිදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මෙම ශ්‍රී ලාංකිකයන් ද වූ බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන ලද අපරාධකරුවන් ද සිටින බව අනාවරණය වී ඇති අතර දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම අපරාධකරුවන් සියලු දෙනාට එරෙහිව රතු නිවේදන නිකුත් වී ඇති බව ත් ඔවුන් අතර ඌරගහ මයිකල් නමැති අපරාධකරුවා ද සිටින බව ත් අනාවරණය වී ඇත.

ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ මූලික තොරතුරු මේ වන විටත් මෙරට බලධාරීන් වෙත ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි කටයුතු සඳහා ඩුබායි රාජ්‍ය වෙත යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements