Advertisement

කෙහෙලිය එල්ලුම් ? 
නීතීඥ ගෙදර ගිහින් බේරා දෙන්නැයි හඬා වැටිලා

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කල වංචාව මිනීමැරීමට සමාන බවත් ඔහුට දඩුවම විදියට මරණ දඬුවම දිය යුතු බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රඹුක්කළ මහතා නඩුවේ හිටපු නීතිඥයාගේ නිවසට ගොස් තමන් බේරාදෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා ඇති බවද හෙතෙම පැවසීය.
මෙම වංචාව හෙළි වූයේ නැත්නම් තවත් කෝටි සීයේ වංචා කොපමණ කරාවිදැයි නොදන්නා බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිතුමන් මෙතරම් දිනක් පරීක්‍ෂණවලට බලපෑම් කර නොකර අමාත්‍යවරයාට දඬුවම් දීමට ඉඩ දුන් බවත් පවසන ඔහු ජනාධිපති කාර්යාලයේ අය ගැන හෙළිවුවහොත් ඒ ගැනද බලපෑම් නොකර හිටියොත් වඩාත් හොඳ බවද කියා සිටී.

උඩ පුටුවල අය බලපෑම් කරන්නේ නැතිනම් දූෂිතයන්ට දඬුවම් දෙන්නට දැනට ඇති නීති පද්ධතිය හොඳ හොඳටම ප්‍රමාණවත් බවද හෙතෙම තවදුරටත් පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements