Featured News

Video Gossip

Advertisement

වරායේ ටෙන්ඩර් ජාවාරමක් හෙලිකල මාධ්‍යවේදියෙකුට තර්ජන

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි..

මාධ්‍ය නිවේදනයයි

මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරාගේ ආරක්ෂාව තහවුරු කරනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයට දැනුම් දෙයි.

කොළඹ වරාය පරිශ්‍රයේ භාණ්ඩ බහාලුම් ටෙන්ඩර් කිරීමේදී සිදු ව ඇති වංචා හා දූෂණ හෙළිදරව් කළ මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා, තමන්හට දුරකතන මාර්ගයෙන් එල්ල වූ ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදු කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ අදාල දූෂිත ගනුදෙනු පිටුපස සිටින කුඩුලාල් නමැති විදෙස්ගත පුද්ගලයෙකු මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරාට තර්ජනය කිරීම පිටුපස සිටින බවයි.

ඔහු හා සම්බන්ධ එමෙන්ම මේ ජාවාරම්වල පාර්ශ්වකරුවන් වන අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බැවින් තිස්ස රවීන්ද්‍ර පෙරේරාට ජීවිත අවදානමක් උද්ගත විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සැක කරයි.

වරායට සම්බන්ධ නිලධාරීන්ද මේ දූෂිත ගනුදෙනුවල කොටස්කරුවන් ව සිටීමට පුලුවන.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා සිය වාර්තා මගින් හෙළිදරව් කොට ඇත්තේ දූෂිත හා අයථා ගනුදෙනු නිසා රජයට අහිමි වන ධනස්කන්ධය පිළිබඳවය.

එබැවින් දූෂණ මැඩලීමේ පොරොන්දුවක් සමග බලයට පැමිණි මේ රජයට ඔහු වැනි මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂා කර දීමේ බරපතල වගකීමක් තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයෙන් දැඩිව ඉල්ලා සිටින්නේ, සිය වගකීම ඉටු කරමින් තිස්ස රවීන්ද්‍ර පෙරේරාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසයි.

– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements