Featured News

Video Gossip

Advertisement

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න රනිල් මුදල් වෙන් කරල නෑ - ජනපති

තම රජයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා මුදල් වෙන් කරන ලද බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශය ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රතික්ෂේප කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එවන් වැටුප් වැඩි කිරීමක් සඳහා මුදල් වෙන් කළේ නම් එය කළ යුතුව ඇත්තේ අයවැය ලේඛනයකින් හෝ අතුරු සම්මත ගිණුමකින් බවයි.

නමුත් මෙම වසරේ එවන් මුදල් වෙන් කිරීමක් සිදුකර නැති බවද ඔහු පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වීමට දින තුනකට පමණ පෙර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලද බව එකල පැවසුවත් කිසිදු මුදලක් ඒ සඳහා වෙන්කර නැති බවත් දිසානායක මහතා පැවසුවේය.

නමුත් වර්තමාන ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ඊළඟ අයවැයේදී අවධානය යොමු කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ජන රැලියක් පුත්තලමේදී අමතමින් හෙතෙම මෙම අදහස්  පළ  කරන  ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements