Featured News

Video Gossip

Advertisement

හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් 
CIDයට පැමිණිලි   

ව්‍යජ හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත් දෙකක් භාවිතා කරමින් හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක සුජීව ද සිල්වා සිදුකොට ඇති වංචනික ක‍්‍රියාවන් පිළිබ`ද විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්ථමේන්තුව යටතට.

792200850V දරණ අංකය යටතේ ඇති හැදුනුම්පතට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1979 වසරේ අගෝස්තු මස 07 වන දිනයි එම හැඳුනුම්පත නිකුත්කර ඇත්තේ 1995 වසරේදී වන අතර ඔහුගේ ක්‍‍්‍රීඩා කටයුතු වෙනුවෙන්ද එය එය භාවිතා කර ඇති බව පැමිණිළි කරු පෙන්වා ‌‌දී ඇත‍.

ඇතැම් ජාත්‍යන්තර ක‍්‍රිකට් වෙබ් අඩවි සඳහාද ඔහු ලබා දී ඇත්තේ ඉහත ජාතික හැඳුනුම්පතට අදාළ තොරතුරු වන අතර  ඔහු එම හැඳුනුම්පත භාවිතා කරමින් සමාගමක අධ්‍යක්‍ෂක ධූරයක් ද දරා ඇති අතර විදේශීය සැටලයි නාලිකාවකට අදාළ මිලියන ගනනක ගෙවීම් පැහැරහැර එම සමාගම ඈවර කිරීමට කටයුතු යොදා තිබේ.

ඔහු විසින් 2003 වසරේ දී වංචනිත ලේඛන සකසා තවත් ජාතික හැදුනුම්පතක් ලබාගෙන ඇති බව සදහන් කරන පැමිණිලි කතරු එම හැඳුනුම්පතට අනුව උපත ලබා ඇත්තේ 1979 වසරේ ඔක්තෝබර් මාසයේ හත්වන දින බව සදහන්.

එහි අංකය වන්නේ 792813712V වන අතර එම ව්‍යාජ හැඳුනුම්පත යටතේ ද ඔහු සමාගමක අධ්‍යක්‍ෂක ධූරයක පෙණිසිට ඇත.‍

ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරමින් මොහු විසින් ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක්ද නිර්මාණය කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බව වැඩි දුරටත් ඒම තොරතුරුවල සදහන් වෙයි.

792200850V දරණ ජාතික හැඳුනුම්පතට අදාලව ඔහු විසින් රුවන් සුජීව වෙඩික්කාර ද සිල්වා යන නමින් කළ එක් ගුවන් ගමන් බලපත‍‍‍්‍රයක් සකස් කර ඇති අතර එහි අංකය වන්නේ N3614312 යි.

එම ගුවන් ගමන් බලපත‍‍‍්‍රයේ ලිපිනය ලෙස  අතුරුගිරිය ප්‍රදේශයේ ලිපිනයක් සදහන් වන බව පැවසෙයි ග

එසේම ඔහුට අයත් 792813712V යන ව්‍යජ කූඨ ලේඛන වලට අනුව සකස් කරන ලද අනෙක් හැදුනුම්පතට අදාළවද රුවන් සුජීව ද සිල්වා වෙඩික්කාර යන නම යොදාගෙන තවත් ගුවන් ගමන් බලපත‍‍‍්‍රයක් ඔහු සකස් කර තිබෙනවා.

N2092483 යන අංකය යටතේ ඇති එම ගුවන් ගමන් බලපත‍‍‍්‍රයේ ඔහුගේ ලිපිනය ගම්මැද්ද පාර, කළුවාමෝදර ලෙස දැක්වේ.

දැනට ඇමරිකානු පුරවැසි බව ලබා ඇති ඔහු ඒ සඳහා ඉදිරිපත් කොට ඇත්තේ ද මෙම කූඨ ලේඛනයි.

ක‍්‍රිකට් ක‍්‍රීඩක සුජීව ද සිල්වා 1979 වසරේ අගෝස්තු මාසයේ සහ ඔක්තෝම්බර් මාසයේ දෙවරක් ඉපදුනේ කෙසේද?

එකම පුද්ගලයෙකුට උපන්දිනය වෙනස්කොට ජාතික හැඳුනුම්පත් දෙකක් දැරිය හැකිද,

ශ‍‍‍්‍රී ලංකා ජනරජය තුළ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් දැරිය හැකිද

මෙම වංචනික ක‍්‍රියාවන්ට සහය වූ පුද්ගයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්ථමේන්තුවේ සහ ආගමන විගමන දෙපාර්ථමේන්තුවේ නිලධාරීන් කවුරුන්ද?

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබද දැන සිටියාද?

මෙම වංචනික හැඳුනුම්පත් සහ ගුවන් ගමන් බලපත් යොදාගෙන මෙරට සහ ජාත්‍යන්තර වශයෙන් සිදු කොට ඇති වංචනික ක‍්‍රියාවන් මොනවාද ?

මෙම වංචනික ක‍්‍රියාවන් පිළිබද අපරාධ පරීක්‍ෂණ දෙපාර්ථමේන්තුව විසින් විමර්ශනය ආරම්භකොට ඇති අතර ඒ වෙනුවෙන් නීතිය ක‍්‍රියාත්මක කරනු ඇත.










gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements