Featured News

Video Gossip

Advertisement

බැංකු පද්ධතිය අවදානමෙන් මුදවා ගැනීමට ලංකා බැංකු සේවක සංගමය ජනපතිට ලියයි.

බැංකු පද්ධතිය අවදානමෙන් ගලවා ගැනීමට 2024.12.15 දක්වා තාවකාලිකව අත් හිටුවා ඇති පරාටේ නීතීය නැවත බල ගන්වන ලෙස ලංකා බැංකු සේවක සංගමය ජනපතිගෙන් ඉල්ලයි.

ලංකා බැංකු සේවක සංගමය 2024.11.06 වන දින ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් 2024.12.15 දක්වා පසුගිය රජය මගින් තාවකාලිකව අත් හිටුවා ඇති පරාටේ නීතිය නැවත බල ගන්වන ලෙස ඉල්ලා ඇත.

මේ වන විට බැංකු ක්ෂේත්‍රය තුල නොගෙවෙන ණය ප්‍රමාණය ට්‍රිලියන 1.5 ඉක්මවා ඇති බවත් ණය නොගෙවෙන ගණුදෙනුකරුවන් ප්‍රමාණය 750,000 ඉක්මවා ඇති බවත් මෙවැනි තත්වයක් තුල පරාටේ නීතිය  බලාත්මක වීම තවදුරටත් අත් හිටවනු ලැබුවහොත් බැංකු පද්ධතිය බරපතල අවදානමකට ලක්වන බව එම සංගමය පවසනවා.

2019 වසරේ දී සිදුවූ පාස්කු ප්‍රහාරයත් 2020 වසරේදී ඇතිවූ කොවිඩි 19 වසංගතයත් ඉන් අනතුරුව  රට තුල ඇති වූ ආර්ථික අර්බුදයත් හේතුවෙන් බිඳ වැටුණු ව්‍යාපාරික ප්‍රජාව වෙත සහන සැලසීමේ ක්‍රම වේදයන් බැංකු මගින්ද ලංකා බැංකු සේවක සංගමය විසින්ද ඉදිරිපත් කර ඇති අතර ඒවායින් පරිබාහිරව තවදුරටත් පරාටේ නීතිය බලාත්මක කිරීම අවහිර කිරීම කිසිවිටකත් සිදු නොකල යුතු බව එම සංගමය තවදුරටත් ප්‍රකාශ කර සිටී.

පරාටේ නීතිය අත් හිටුවීම තුල ණය සාමාන්‍ය පරිදි ගෙවාගෙන යනු ලැබූ ගණුදෙනුකරුවන් පවා ණය ගෙවීම් පැහැර හැරීමට පෙලඹී ඇති බවත්  හිතා මතා ණය පැහැර හරිමින් සිටින මහාපරිමාණ ව්‍යාපාරිකයන් දේශපාලන හිතවතුන් අදී පිරිස් වෙතද  මෙමගින් අනිසි වාසියක් උදාවී ඇති බවත් එම සංගමය තවදුරටත් පවසා සිටී.

මෙම තත්වය තුල නිසිපරිදි ණය ගෙවීම් සිදු කරනු ලබන ගණුදෙනුකරුවන් අසාධරණයකට ලක්වන අතර තැන්පත්කරුවන්ගේ තැන්පතු අවදානමකට ලක්වීමද වැලැක්විය නොහැකිවනු ඇති බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.මේ පිළිඹඳ ජනාධිපතිතුමා ලිඛිතව දැනුවත් කර ඇති බවත් ඉතා ඉක්මනින් ජනාධිපතිතුමා හමුවී මේ පිළිඹඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්   ලංකා බැංකු සේවක සංගමය පවසා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements