Featured News

Video Gossip

Advertisement

කහතුඩුවේ සිසුවෙකු පැහැරගත්තේ නිධානයක බිල්ලකටද? 

කහතුඩුව ප්‍රදේශයේදී සුදු පැහැති වෑන් රථයකින් පැහැරගැනීමට ලක්වූ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු, පැහැරගත් පිරිසගෙන් මිදී පලා ඒමට සමත්වී ඇති බව පොලීසිය වාර්තා කරයි. නිධානයක් සඳහා බිලිදීමට හෝ කප්පම් ලබාගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. 

 කහතුඩුව ප්‍රදේශයේ පාසලක එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා, පෙරේදා දිනයේ පොදු සුසාන භූමියක් ආසන්නයේ ගමන් කරමින් සිටියදී මෙම පැහැරගැනීමට ලක්ව තිබේ. සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහුගේ පාපැදියද සමඟ බලහත්කාරයෙන් ඔහුව රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. පැහැරගත් පිරිස රැගෙන යමින් සිටියදී, එදින රාත්‍රියේ රත්නපුර, කැටන්දොළ ප්‍රදේශයේ වෑන් රථය නතර කළ අවස්ථාවකදී සිසුවා සූක්ෂම ලෙස පලාගොස් තිබේ. අනතුරුව ප්‍රදේශයේ බේකරියකට ගොස් එහි හිමිකරුට තමාට සිදුවූ අකරතැබ්බය දැන්වීමෙන් පසු, ඔහුව රත්නපුර මූලස්ථාන පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත. 

 මෙම සිසුවාගේ පියා මෑතකදී ඉඩමක් විකුණා විශාල මුදලක් ලබාගෙන ඇති බැවින්, ඉන් කොටසක් කප්පම් ලෙස ලබාගැනීම පැහැරගැනීමේ එක් අරමුණක් වන්නට ඇති බවට පොලීසිය විමර්ශනය කරයි. ඊට අමතරව, ‘තුන් කුළුඳුල්’ දරුවෙකු වන මෙම සිසුවා නිධානයක් සඳහා බිලි දීමේ අරමුණින් රැගෙන ගියේද යන්න පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මක වේ. සිසුවා පැහැරගත් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කහතුඩුව සහ රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථාන එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements