Featured News

Video Gossip

Advertisement

මැති ඇමතිලා සමග සිටින හැඩකාරිය

කවුද මේ ප්‍රමිෂ්කා

මේ දිනවල සමාජ ජාලා තුල ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමග සිටින රූමත් කාන්තාවකගේ ඡායාරෑප කිහිපයක් සංසරණය වෙමින් පවතිනවා.

ඉතින් ගොසිප්99 අපි ඇය පිළිබදව සොයා බැලීමක් කලා. ඇය හමිංබර්ඩ් (Hummingbird) විලා ජාලයේ හිමිකාරිනියවන ප්‍රමිෂිකා පෙරේරාය.

ඇය සමග සති අන්ත පුවත් පතක් කල සංවාදක් පහතින්..ගෘහණිය මුළුතැන්ගෙයි රැජන වුවද හෝටල් බොහොමයක මුළුතැන්ගෙයි රජ කරන්නේ පිරිමි පක්ෂයය. ඒ එපමණටම හෝටල් ක්ෂේත්‍රයේ මුළුතැන්ගෙයි කාර්යභාරය පවා පුළුල් දැවැන්ත හා බැරෑරුම් බැවින. එවන් කාලයක එක් හෝටලයක පමණක් නොව දිවයින පුරා ඇති හෝටල් ගණනාවක හිමිකාරියක වීම හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යවසායිකාවක වීම කෙතරම් අභියෝගාත්මකද? හෝටල් කර්මාන්තයට අතගසා කෙටි කාලයකින් කෝවිඩ් වසංගතයට

මුහුණදුන් ඇය දිරියෙන් සිය කර්මාන්තය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගියා. එපමණක් නොව මේ වන විට අලුතින්ද හෝටල් ගණනාවක්ම සිය හෝටල් එකතුවට එක්කර තිබේ. වැසි කුණාටු හමුවේ නොසැලී කිරිල්ලියක මෙන් සැහැල්ලුවෙන් සිය ව්‍යාපාරය ගෙනයන ඇය, ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාවිභූෂණයි. හමිංබර්ඩ් (Hummingbird) ඇය හෝටල් සමූහයට දී ඇති නමයි.

ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාවිභූෂණ Hummingbird හෝටල් ව්‍යාපාරයට මුලපුරන්නේ කොහොමද?

පුංචි කාලේ ඉඳලා මං අමාරු දේ කරන්නත් නායකත්වය ගන්නත් කැමැතියි. කලින් රක්ෂණ සංස්ථාවක, පෞද්ගලික රෝහල්වල සේවය කළත් මගේම දෙයක් කරන සිතුවිල්ල තිබුණා. තමන්ගේම දෙයක් පොඩියට පටන් අරන් තවත් අයට රැකියාවන් ලබාදී ලබන සතුට ගොඩක් වටිනවා.

හෝටල් කර්මාන්තයට මුලපිරුණේ පළාත් කිහිපයකම ඉඩම් තිබුණ නිසා. අපි ඒ තැන්වලට ගියේ කලාතුරකින්. අවුරුද්දකට දෙකකට සැරයක් වගේ යැවුණේ. ගිය හැම වෙලාවෙම මට මගේ ගෙදර ගියා වගේ දැනුණා. මට දැනුණු හැඟීම හෝටල් ඉදිකරලා දෙස්-විදෙස් සංචාරකයන්ට ලබාදෙන්න හිතුවා. අපි යන සමහර හෝටල් පිටතැන් කියලා දැනෙනවා. කළයුතු, නොකළ යුතු දේ ගැන පුවරු, පෝස්ටර් තියෙනවා. නිවෙසින් පිට නිවහනක

ඒ වගේ දැනෙන්න විදිහක් නැහැ. මේ මගේ ගෙදර. සිතුවිල්ල ඇති වුණාම ගෙදර වගේ තමන් නවාතැන් ගන්න තැන තියාගන්න කවුරුත් ඉබේම පෙලඹෙනවා. මේ දේ කළ යුතුයි. නොකළ යුතුයි, කියලා පුවරු, පෝස්ටර් නැති මගේ ගෙදර කියා හිතෙන හෝටල් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව හමිංබර්ඩ් නිර්මාණය වන්න තවත් හේතුවක්. මගේ හැම හෝටලයකම තේමාව, නිවෙසින් බැහැර නිවහන, (home away home)යි. හමිංබර්ඩ් තුළින්, ලංකාව සුන්දර එන්න හිතෙන රටක්, තමන්ගේ තැන වගේ ඉන්න පුළුවන් තැනක් යන පණිවුඩය ලෝකයටම ගෙනයන්න බලාපොරොත්තු වෙනවා.

හෝටල් ක්ෂේත්‍රය ව්‍යවසාය කරගත් ව්‍යවසායිකාවන් ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුයි. කාන්තාවක වශයෙන් ඔබට මෙය දැවැන්ත අභියෝගයක් වන්න ඇති නේද?

මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න ඕන නිර්භීතව තීරණ ගන්න පුළුවන් කාන්තාවන්. මොකද හෝටල් ක්ෂේත්‍රය කියන්නේ විවිධ බුද්ධි මට්ටම්වල පුද්ගලයන් පැමිණෙන එවන් පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමට සිදුවන තැනක්.

අනෙක් අතින් මොන ව්‍යාපාරියක නිරත වුණත් ව්‍යාපාරකයකුට වඩා ව්‍යාපාරිකාවකගේ භූමිකාව වෙනස්. ඇය සියල්ල කළයුත්තේ බිරියක්, මවක්, දියණියක් ආදී භූමිකා රැසක් නිරූපණය කරමින්. වෙනත් ව්‍යාපාරයකට වඩා මේ වගේ ව්‍යාපාරයක් කරගෙන යෑම කාන්තාවකට අසීරුයි.

හෝටල් ව්‍යාපාරයට මුල පිරෙන්නේ කොතැනින්ද?

අපට නුවරඑළියේ ඉඩමක් තිබුණා. සුන්දර ක¾දුකර පෙදෙසක තිබුණත් අපි එහේ ගියේ කලාතුරකින්. මුල්ම හෝටලයට නුවරඑළි ඉඩමෙන් මුලපිරුවා. නුවරඑළියේ ක¾දුකර ගෘහය / Nuwara Eliya hill cottage ලෙසින් පළමු හෝටලය නම් කළා. හෝටලය ඉදිකරද්දී මං කොළඹින් යන්නේ උදේ හතරට. ගෙදරට එනකොට හොඳටම රෑ බෝවෙලා. හෝටලය ඇරැඹුවත් එක පිට එක අභියෝග ආවා. පාස්කු බෝම්බ පිපිරීම අපට බලපෑවා. ඊළඟට කෝවිඩ් වසංගතය ආවා. සංචරණ සීමා පනවලා රට වසා තිබුණු කාල විවෘත කළ කාලවලට වඩා වැඩියි. මං එක සේවකයෙක්වත් අස් කළේ නැහැ. කිසිම ආදායමක් නැතිව සේවකයන්ට මුදල්වලින් පඩි ගෙව්වා. හෝටල් නඩත්තු කිරීම් ආදී කටයුතු කළා. මේ දක්වා මුහුණදුන් දරුණුම අභියෝගය ඒකයි.

එතැනදී ඔබ ව්‍යාපාරිකාවක ලෙස නොවැටී සිටියේ කොහොමද?

සැමියා වූ නාරි සහ ප්‍රසව වෛද්‍ය විශේෂඥ විජිත් විද්‍යාවිභූෂණගේ සහාය නැත්නම් හමිංබර්ඩ් හෝටල් ව්‍යාපාරයත් නැහැ. ඔහුගෙන් ඒ තරම් සහයෝගයක් ලැබෙනවා. ව්‍යාපාරයෙන් මං ආර්ථිකව ඇදවැටෙන හැම වේලාවේම ආර්ථික ශක්තිය, මානසික ශක්තිය ඔහු ලබාදුන්නා. කෝවිඩ් කාලයේදී සේවකයන්ගේ පඩි ගෙවන්න ඔහු උදවු කළා. ඔහු මගේ ව්‍යාපාර කටයුතු නිදහසේ කරගන්න ඉඩදීලා තියෙනවා. ගැටලුවක් මතුවුණාම උදවු කරනවා. කවරදාවත් බාධා කරන්නේ නැහැ. මං හිතන්නේ ලෝකෙ ඉන්න වාසනාවන්ත බිරිය මමයි.

මේ වන විට ඔබ හෝටල් කීයක හිමිකාරියක්ද?

මං කලින් කිව්වා වගේ අපට පළාත් කිහිපයකම ඉඩම් තිබුණා. නුවරඑළියට පස්සෙ තලවාකැලේ, අනුරාධපුර, ගාල්ල, නුවර හමිංබර්ඩ් හෝටල් ඉදිකළා. අනුරාධපුරයේ හෝටලය තියෙන්නේ රුවන්මැලි මහා සෑය පෙනි පෙනී. තලවාකැලේ නිවාස සාන්ත ක්ලෙයාර්ස් දියඇල්ල ඉදිරියේ සාදා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තේ වතු හරිත සාගරයක් වගේ ලස්සනට පේනවා. විවේකය ගතකරන්න හොඳම තැනක්.

ගාලු නවාතැන ගාලුකොටුව ආසන්නයේ පිහිටා තියෙනවා. අපි අන්තිමටම හැදුවේ නුවර හෝටලය. යෝධ දඹගස්වල සෙවණ ලබන සුන්දර දම්බරාව වැව ළඟ හෝටලය සාදා තිබෙනවා. අලුතින්ම හෝටල් එකතුවට එක් කළේ Hummingbird honeymoon suite අලුත විවාහ වුණු යුවළකට මධුසමය ගතකරන්න මේ හෝටල් සංකීර්ණය කදිමයි. විවාහ සංවත්සර, යුග ජීවිතයේ විශේෂ අවස්ථා සමරන්න කියාපු වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවා.

අපේ ඊළඟ ඉලක්කය සීගිරියේ හා කතරගමට හමිංබර්ඩ් හෝටල් ඉදිකිරීමයි. ඒ වගේම විදෙස් රටවල හමිංබර්ඩ් හෝටල් ඉදිකරලා අපේ පුංචි ලංකාව ලෝකයේ හොඳම නවාතැන යන පණිවුඩය ලෝකයට ගෙන යෑම මගේ සිහිනයක්.

Hummingbird ඇමරිකාවට ආවේණික කුරුල්ලෙක්. ඒ කුරුල්ලගේ නමින් හෝටල් සංකීර්ණය නම් කළේ ඇයි?

හමිංබර්ඩ් කියන්නේ ඇමරිකාවට ආවේණික පුංචි සුන්දර පක්ෂියෙක්. අපේ පැණි කුරුල්ලා වගේ. මේ කුරුල්ලා ජීවත් වෙන්නේ උගේ පවුල සමඟයි. තනියම ඉන්න කැමැති නැහැ. අපේ හෝටල්, නවාතැන් පවුලේ නවාතැන් නිසා ඒ නම දෙන්න සිතුවා.

හෝටල් ගණනාවක හිමිකාරිනිය වුවත් ප්‍රමිෂ්කා ජීවන තේමාව කරගෙන ඇත්තේ, මොන දේ තිබුණත් පවුල මගේ අංක එකයි යන්නයි. වෛද්‍ය සැමියාගේ ලේකම් විදිහට සේවය කරමින් අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනකුගේ මවක් ලෙස කාර්යබහුල වීම ඇය ව්‍යාපාරික දියුණුවට බාධාවක් කරගෙන නැහැ. ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරිනියක් සහ වරලත් අලෙවිකාරිනියක් වූ ඇය දිරියෙන් හා නුවණින් සිය ව්‍යාපාරික ඉලක්ක එකින් එක ජය ගනිමින් සිටිනවා.

චම්පිකා දීපානි රණසිංහ

උපුටාගැනීම මවුබිම පුවත්පතෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements